1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත අනුව කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම

කොළඔ දිස්ත්‍රික්කය තුල පිහිටි කර්මාන්තශාලා.1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනතට අනුව දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංඡිනේරු කාර්යාලයේ ලියාපදිංචියට අදාල අයදුම්පත් හා ලේඛන විද්‍යුත් තැපෑල මගින් ඉදිරිපත් කිරීමට පහසුකම් සපයා ඇත. 

1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත අනුව කර්මාන්තශාලා ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්.

 
01. www.labourdept.gov.lk -> බාගත කිරීම-> අයදුම්පත් උපදෙස් හා මාර්ගෝපදේශ දිගුව ඔස්සේ ඉල්ලුම්පත බාගත කරගන්න.
02.නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පතේ ස්කෑන් පිටපතක් හා අයදුම්පතේ අංක 5 යටතේ ඉල්ලා ඇති ලේඛන වල ස්කෑන් පිටපත් හා ව්‍යාපාර ලියාපදිංචි  සහතිකයේ ස්කෑන් පිටපත dfie.colombo@labourdept.gov.lk විද්‍යුත් තැපෑල් ලිපිනයට යොමු කරන්න..
03. අයදුම්පත් අංක 5 යටතේ ඉදිරිපත් කල යුතු ලේඛනවල ආදර්ශ ඇමුණුම I සිට V යටතේ දක්වා ඇත.
  1. කර්මාන්තශාලා භුමියේ පිඹුරුපත
  2. ගොඩනැගිලි සැලැස්ම
  3. නිෂ්පාදන සැලසුම
  4. පිවිසුම් මාර්ගය දැක්වෙන දල සටහන
  5. හිමිකාරත්වය හෝ බදු ගිවිසුමට අදාළ ලේඛන
04. ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව සිදුකල යුතු මුදල් ගෙවීම් පිලිබඳ හා ලියාපදිංචි සහතිකය ලබාගත හැකි දිනය දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංඡිනේරු විසින් ඔබ වෙත දැනුම් දෙනු ඇත
 
 
K M U B Kulasekara
Commissioner of Labour (Industrial Safety)
අවසන් යාවත්කාලීන කිරීම 2023 අප්‍රේල් 12 වෙනි බදාදා, 04:40