මුල් පිටුව අපගේ සේවාවන්
ලියාපදිංචි කළ වෘත්තීය සමිතියක නිලධාරින් වෙනස්වීම

සුදුසුකම්

අදාළ නිලධාරි වෙනස්වීම ව්‍යවස්ථානුකූල බවට සනාථ වී තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

7 වන මහල, වෘත්තීය සමිති අංශය, කම්කරු මහලේකම් කාර්යාලය.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

නිලධාරි වෙනස් වීම සිදුවී දින 7 ක් ඇතුළත.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉල්ලුම් කරන  තොරතුරුවල නිරවද්‍යතාව මත අනුමත කිරීම් සිදු කරනු ලබයි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ව්‍යවස්ථානුකූලව, ගණපූර්නයක් සහිත රැස්වීමක් පැවැත්වූ බවට සනාථ කිරීම සඳහා පැමිණීමේ අත්සන් ලේඛනය
  • ලේකම් තැන විසින් සහතික කරන ලද රැස්වීම් වාර්තාවේ පිටපතක්
  • සම්පූර්ණ කරන ලද ‘L’ පෝරමය

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

වෘත්තීය සමිති 

0112369646

0112369646

dolteuc@slt.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 12 වෙනි සදුදා, 07:55