සුදුසුකම්
පුරුෂයකුනම් වයස අවුරුදු 55 සම්පූර්ණ විය යුතුයි.
කාන්තාවකනම් වයස අවුරුදු 50 සම්පූර්ණ විය යුතුයි.
සැලකිය යුතුය :- ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විට සේවයෙන් ඉවත් වී තිබීම අනිවාර්යය වේ.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති කවුන්ටරයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක.
එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සම්පූර්ණ කරන ලද අයදුම්පත සාමාජිකයා පදිංචි දිස්ත්‍රික්කයේ ලඟම පිහිටි දිස්ත්‍රික් හෝ උප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03ක් ඇතුළත
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
-
අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත, සාමාජික අංක වලට අදාල B කාඩ්පත්, ජාතික හැඳුනුම්පත සහ සේවා යෝජක විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, බැංකුගිණුමේ පිටපතක් සහ;
-
උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ යුතුයි. ජාතික හැදුනුම්පත නොමැති අවස්ථාවකදි වලංගු රියදුරු බලපත්‍රය / වලංගු විදේශ ගමන් බලපත්‍රය / වැඩිහිටි හැදුනුම්පත ඉදිරිපත් කල හැක.
-
උප්පැන්න ලියාපදිංචි වි නොමැති නම් හෝ අදාළ ලේඛන දිරාපත් වි ඇත්නම් එය සනාථ කරන ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන සමඟ උපන් දිනය හා ජාතික හැදුනුම්පත් අංකය සනාථ කරමින් අනුමාන වයස සනාථ කරන දිවුරුම් ප්‍රකාශය
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඉ-මේල්
|
නියෝජ්‍ය කම්කරු කොමසාරිස්
|
සේ.අ.අ. ගෙවීම් අංශය
|
011-2369214
011-2368904
|
011-2368911
|
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.
ඉල්ලූම්පත් ආකෘතිය
මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.
|