මුල් පිටුව අංශ කාර්මික අධිකරණය

කාර්මික අධිකරණය

හැඳින්වීම:

කාර්මික අධිකරණය සංස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු  ජනාධිපතිතුමා  විසින් වර්ෂ තුනකට නොවැඩි කාලයක් සඳහා පස්දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකින් සමන්විත මූල මණ්ඩලයක් පත් කරනු ලැබේ.

කාර්මික ආරවුල් නිරවුල් කිරීම සඳහා බේරුම්කරණය වෙත හෝ කාර්මික අධිකරණයක් වෙත යොමු කරනු ලැබේ.  එහිදී කාර්මික ආරාවුල් පනතේ 4 (1) වගන්තිය අනුව සුළු කාර්මික ආරාවුලක් නිරවුල් කිරීම සඳහා ගරු අමාත්‍යතුමා විසින් ලිඛිත නියමයකින් බේරුම්කරුවකු වෙත හෝ බේරුම්කරණ මණ්ඩලයක් වෙත යොමු කළ හැකි අතර,  කාර්මික ආරාවුල් පනතේ 4 (2) වගන්තිය  යටතේ ඕනෑම කාර්මික ආරාවුලක් නිරවුල් කිරීම සඳහා ගරු අමාත්‍යතුමා විසින් කාර්මික අධිකරණයක් වෙත යොමු කළ හැකි වේ.

සේවකයෙකුට හෝ වෘත්තීය සමිතියකට යම් කාර්මික ආරාවුලක් සෘජුවම කාර්මික අධිකරණය වෙත යොමු කළ නොහැකිය.

 

කාර්ය භාරය:

යම් කාර්මික ආරාවුලක් කම්කරු කොමසාරිස් විසින් පිළියෙල කරනු ලබන වාර්තාවක් සමඟින් ගරු කම්කරු අමාත්‍ය තුමා වෙත යොමු කරන අතර ගරු අමාත්‍යතුමා විසින් ලිඛිත නියමයක් මඟින්  එය බේරුම්කරුවෙකු වෙත හෝ/කාර්මික අධිකරණයක් වෙත යොමු කළ පසු:

  • ආරාවුල සම්බන්ධ පාර්ශවයන් කැඳවා,ඊට අදාළ සියළු කරුණු පිළිබඳ පරික්ෂණයක්    සිදු කිරීම.
  • ඉන් අනතුරුව සාධාරණ සහ යුක්ති සහගත ප්‍රදානයක් ලබා දීම බේරුම්කරුවකුගේ හෝ කාර්මික අධිකරණයක කාර්ය භාරය වේ.

 

කාර්මික අධිකරණය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක:

සහකාර කම්කරු කොමසාරිස්: 011 2369126(376)

ලේඛකාධිකාරී: 011 2582586(377)

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 08 වෙනි සිකුරාදා, 04:54