FAQ
There are no translations available.

සේවය අවසන් කිරීම

01           සේවය අවසන් කිරීමේ පනත යටතේ රක්ෂාව අවසන් කිරීමක් ලෙස සැලකිය හැක්කේ කවර අවස්ථාවලදී ද?           

  • විනය හේතුවක් නොවන වෙනත් ඕනෑම හේතුවක් මත සේවය අවසන් කිරීමක දී
  • සේවායෝජක විසින් තාවකාලික හෝ ස්ථීරව සේවකයාට රැකියාව නොදීමේදී
  • සේවායෝජක විසින් යම් වෙළදාමක්, කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වසා දැමීමේ ප්‍රතිඑලයක් ලෙස සේවකයාට රැකියාව නොදීමේ දී

02           සේවයෝජකයෙකු හට සේවකයෙකුගේ සේවය නීත්‍යානුකූලව අවසන් කල හැක්කේ කෙසේද?  

  • සේවකයාගේ පූර්ව ලිඛිත කැමැත්ත ලබා ගැනීමෙන් හෝ,
  • කම්කරු කොමසාරිස් ජනරාල්ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමෙන්        

03           සේවකයෙකු විසින් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතු කාල සීමාවක් තිබේද?       

ඔව්. සේවය අවසන් කළ දින සිට මාස 06ක් ඇතුළත සේවකයා විසින් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.      

04           සේවකයා වෙනුවෙන් වෘත්තීය සමිතියකට අයදුම්පත්‍රය ඉදිරිපත් කළ හැකිද?     

ඔව්. සේවකයා විසින් තම අත්සන තබන ලද අයදුම්පත්‍රයක් වෘත්තීය සමිතියක් මගින් කම්කරු කොමසාරිස් වෙත යොමු කල හැක.          

05           සේවකයා වෙනුවෙන් වෘත්තීය සමිතියකට පරීක්ෂණයේදී ඉදිරිපත් විය හැකිද? 

ඔව්. වෘත්තීය සමිතියකට සිය සාමාජිකයන් නියෝජනය කල හැක.        

06           සේවය අවසන් කිරීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද?       

පහත පනත් වලින් ආවරණය වන රැකියාවක නියුතු සේවකයෙකු වීම.

  • සාප්පු හා කාර්යාල සේවක පනත
  • පඩිපාලක සභා ආඥා පනත (මෙම පනතේ 6:2වගන්තිය යටතේ ගැසට් පත්‍රයේ පල කරන ලද ඕනෑම කර්මාන්තයක රැකියාවක්)
  • කර්මාන්තශාලා ආඥා පනත

සේවය අවසන් කළ දිනය වන විට අඩුම වශයෙන් සේවයේ පළමු වර්ෂයේ දින 180ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයෙකු වීම.

සේවය අවසන් කළ දින හෝ එදිනට පෙර මාස 06ක කාලය තුළ කවර අවස්ථාවක හෝ සේවායෝජක ආයතනයේ සේවකයන් අවම වශයෙන් 15ක් සිටීම.

සේවායෝජක විසින් සේවකයාගේ සේවය අවසන් කිරීමක් කර තිබිය යුතු වේ. අනුමිත සේවය අවසන් කිරීමක් හෝ ඉදිරියේදී සේවය අවසන් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාවක් නොමැත.

07           සේවය අවසන් කිරීමේ පනත යටතේ සහන ඉල්ලා සිටිය නොහැකි සේවකයන් කව්රුන්ද?           

  • සේවයෙන් ඉල්ලා අස් වූ සේවකයන්
  • නිශ්චිත කාල සේවා ගිවිසුමක් යටතේ සේවය කර එම ගිවිසුම් කාලය අවසානයේ සේවය අවසන් වූ සේවකයන්
  • සේවා ගිවිසුමේ විශ්‍රාම ගැන්වීමේ වයස පැහැදිලිව දක්වා ඒ අනුව විශ්‍රාම ගන්වන ලද සේවකයන්
  • විනයාරක්ෂක ක්‍රියාවක් ලෙස දඩුවමක් දීමේ හේතුවකට සේවයෙන් ඉවත් කළ සේවකයන්
  • රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ව්‍යවස්ථාපිත අධිකාරීන්, රජයට පවරාගත් ආයතන, පළාත් සභා, පළාත් පාලන ආයතන හා සමුපකාර සමිතිවල සේවයේ නියුක්ත සේවකයන්

08           සේවායෝජකයෙකු හට සේවය අවසන් කිරීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කළ හැකි අවස්ථා මොනවාද?  

  • ආයතනය තාවකාලික අර්බුද අවස්ථාවකදී තාවකාලික සේවා පසෙක තැබීමක් සඳහා ඉල්ලුම් කළ හැක.
  • අතිරික්ත සේවකයන් ඉවත් කිරීම සඳහා ඉල්ලුම් කළ හැක.
  • ආයතනයක් හෝ ආයතනයක යම් අංශයක් වසා දැමීමේදී සේවකයන්ගේ සේවය අවසන් කිරීම සඳහා ඉල්ලුම් කළ හැක.           

09           පරීක්ෂණ කටයුතු පහසු කිරීම සඳහා සේවකයෙකු හෝ සේවයෝජකයෙකු විසින් ඉදිරිපත් කරන අයදුම්පත්‍රයක ඇතුලත් විය යුතු කරුණු මොනවාද?            

  • සේවකයාගේ සම්පුර්ණ නම
  • ස්ථීර ලිපිනය
  • පත්වීමේ දිනය
  • තනතුර
  • සේවකයාගේ උපන් දිනය
  • සේවක අර්ථ සාධක අරමුදල් අංකය
  • ජාතික හැදුනුම්පත් අංකය
  • සේවය අවසන් කරන විට ලැබූ වැටුප (මූලික වැටුපට අමතරව වෙනත් දීමනා ලැබුයේ නම් මූලික වැටුප සහ අනෙකුත් දීමනා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්න)
  • සේවායෝජක ආයතනයේ නිවැරදි නම
  • සේවායෝජක ආයතනයේ ලිපිනය (හැකි නම් සමාගමක් ලියාපදිංචි කිරීමේ ආකෘතිපත්‍ර අංක 01හි හෝ සමාගම 20හි ආකෘති පත්‍රයෙහි සහතික කල පිටපතක් හෝ ඡායාපිටපතක් ඉදිරිපත් කරන්න)
  • ආයතනයේ විශ්‍රාම ගැන්වීමේ වයස
  • ආයතනයේ සම්පුර්ණ සේවක සංඛ්‍යාව
  • ආයතනයේ නිෂ්පාදන ස්වභාවය
  • සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක

ඉහත සඳහන් කරුණු වලට අමතරව සේවකයෙකු විසින් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී තමාගේ සේවය අවසන් කල දිනය /සේවය අවසන් කිරීමට හේතුව/ආයතනයේ අධ්‍යක්ෂ, අයිතිකරු, කොටස්කරු ආදීන්ගේ නම් හා ලිපිනයන් ඇතුලත් විය යුතුය.

10           අයදුම්පත්‍රයක් ඉදිරිපත් වීමෙන් අනතුරුව කම්කරු කොමසාරිස්ගේ කාර්යභාරය කුමක්ද?

  • සේවයෝජකයෙකු විසින් සේවකයෙකුගේ සේවය අවසන් කිරීම සඳහා අවසර ලබා ගැනීම පිණිස අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළහොත් අදාළ පාර්ශවයන් කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු සේවායෝජක විසින් කරන ලද ඉල්ලීම පිළිගැනීම සඳහා සාධාරණ හේතු තිබේ නම් වන්දි සුත්‍රය අනුව ගණනය කරන ලද වන්දි මුදල සේවකයාට ගෙවා සේවය අවසන් කිරීමට අනුමැතිය දෙනු ලැබේ. සේවායෝජක විසින් කරන ඉල්ලීම පිළිගැනීම සඳහා සාධාරණ කරුණු නොමැති වුවහොත් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  • සේවකයෙකු විසින් තමාගේ සේවය අවසන් කිරීම පිලිබදව අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළහොත් අදාල පාර්ශවයන් කැඳවා පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පරීක්ෂණයේදී පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු පනතේ විධි විධාන අනුව නීති විරෝධී සේවය අවසන් කිරීමක් බව සනාථ නොවුන හොත් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම හෝ පනතේ විධි විධාන අනුව නීති විරෝධී සේවය අවසන් කිරීමක් බව සනාථ වුවහොත් පසු වැටුප් සහිතව නැවත සේවයේ පුනපත් කිරීමට හෝ වන්දි සුත්‍රය අනුව වන්දි ගණනය කර ගෙවීමට සේවයෝජකට නියෝග කිරීම කරනු ලැබේ.වන්දි සුත්‍රය යනු 2005.03.15දිනැති අංක 1384/07දරණ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්දි සුත්‍රය වේ.
ප්‍රසූතිකාධාර

01           ප්‍රසූතිකාධාර යනු කුමක්ද?

කිසියම් සේවිකාවකට දරු ප්‍රසූතියක් කරණ කොටගෙන ප්‍රසූති නිවාඩු වශයෙන් නියම කර ඇති දින සංඛ්‍යාව සඳහා මුදලින් වැටුප් ගෙවීමයි.

02           ප්‍රසූති නිවාඩු සඳහා මුදලින් වැටුප් ගෙවන්නේ කෙසේද?          

  • වැඩ කරන කාලය අනුව වැටුප් ලබන සේවිකාවකට නම්, ඇයට සතියකට ගෙවන වැටුපෙන් හතෙන් හය බැගින් ඇයට හිමි නිවාඩු දින ගණන අනුව ලැබේ.
  • වැඩ කරන කෑලි ගණන අනුව වැටුප් ලබන සේවිකාවකට නම්, ප්‍රසූතියට කලින් මාස 06ක් තුල ඇය ලැබූ වේතනයෙන්, සාමාන්‍ය දෛනික වේතනය ගණන් බලා එයින් හතෙන් හය බැගින් ඇයට හිමි නිවාඩු දින ගණන අනුව ලැබේ.     

03           ප්‍රසූත නිවාඩු ලැබෙන්නේ කොහොමද?       

ජීවත් වන එක් දරුවෙකු සිටින හෝ දැනට දරුවන් නොසිටින සේවිකාවකට සජීවී දරු උපතක් සඳහා සති 12ක ප්‍රසූති නිවාඩුවක් ලැබේ. මෙය ප්‍රසූතියට පෙර සති 02ක් හා පසුව සති 10ක් ද වශයෙන් ලබාගත හැකිය.  ඊට වැඩිවන එක් ප්‍රසූතියක් සඳහා ලැබෙන්නේ සති 06ක නිවාඩුවක් පමණයි. එයද, ප්‍රසූතියට පෙර සති 02ක්ද පසුව සති 04ක්ද වශයෙන් ලබා ගත හැකිය. මළ දරු ප්‍රසූතියකට හිමි වන්නේද මෙම නිවාඩුවයි.

04           ප්‍රසූති නිවාඩුව ගණන් බලන්නේ කොහොමද?           

ප්‍රසූති නිවාඩුව ගණන් බැලීමේදී ඉරිදා දින සහ නිවාඩු දිනද ඊට ඇතුලත් විය යුතුය. ප්‍රසුතිකාධාර වශයෙන් වැටුපෙන් හතෙන් හයක් ගෙවන්නේ ඉරිදා දිනයද ප්‍රසූති නිවාඩුවට ඇතුලත් වන නිසායි.

05           ප්‍රසූතිකාධාර ගෙවන්නේ කාටද?    

දරු ප්‍රසූතියක් සිදු කළ සේවිකාවකට හෝ ඇය විසින් නම් කරනු ලබන පුද්ගලයාටයි. එවැනි නම් කිරීමක් නැතිව ඇය මිය ගියහොත්, ඇය මියගිය දිනය දක්වා ගණන් බලා ඇයගේ නීතිමය උරුමක්කරුවන්ට ගෙවිය යුතුය.

06           ප්‍රසූති නිවාඩු ලබා ගැනීමට ප්‍රසූතිය පිලිබඳ කලින් දැනුම් දිය යුතුද?       

ඔව්. ප්‍රසූතියට පෙර සති 02ක ප්‍රසූති නිවාඩු බලාපොරොත්තු වන අය ප්‍රසූතියට පෙර මසක් ඇතුලත ප්‍රසූතිය බලාපොරොත්තු වන දිනය තම සේව්‍යයාට දැන්විය යුතුය. එසේම පසු නිවාඩු ලබාදීම සඳහා දරු ප්‍රසූතිය පිළිබඳවත් දැනුම් දිය යුතුය.

07           දරු ප්‍රසූතිය සනාථ කරන ලියවිල්ලක් ඕනෑද?             

ඔව්. ප්‍රසූති අවස්ථාවේ කටයුතු කළ වෛද්‍යවරයාගේ හෝ වින්නඹු මාතාවගේ හෝ මාතෘ නිවාසය භාර නිලධාරියාගේ හෝ එම අවස්ථාවේ කටයුතු කළ දෙදෙනෙකු විසින් කළ සහතිකයක් සෑහේ. දරුවාගේ උප්පැන්න සහතිකය ඇත්නම් එය හොදටම ප්‍රමාණවත්ය.   

08           ප්‍රසුතිකධාර යටතේ ලැබෙන වෙනත් සහන මොනවාද?          

මවගේ සහ දරුවාගේ ආරක්ෂාව පිලිබඳව සැලසෙන සහන ඉතා වැදගත් හෙයින් දරු ප්‍රසූතියට තෙමසකට නොවැඩි කාල සීමාවකදී ඒ බව දැනුම් දුන්හොත් සේවිකාවකට හෝ ඇයගේ නූපන් දරුවාට අන්තරායක් වන ආකාරයේ වැඩ ඇය වෙත නොපැවරිය යුතුය.එසේම දරු ප්‍රසූතියෙන් පසු තෙමසක කාලසීමාව තුළ ඇයට හානිකර වියහැකි වැඩවල නොයෙදවිය යුතුය.        

09           ප්‍රසුතයෙන් පසු දරුවාට මව්කිරි දීම සඳහා විවේකය ලැබෙන්නේ කොහොමද? 

දරුවාට වයස අවුරුද්දක් පිරෙන තෙක් පෙරවරුවේ හා පස්වරුවේ දිනකට දෙවරක් පැය 1බැගින් විවේක කාල දෙකක් මවට ලබා දිය යුතුය. එය මවට කැමති ආකාරයට ඇයගේ ආහාර හා තේ විවේකයට අමතරව ලබා දිය යුතුය.    දාරකාගාර පහසුකම් සේවායෝජකයා විසින් සලසා ඇත්නම් කිරි දීමේ විවේකය පැය 1/2බැගින් දෙවරක් ලබා දිය යුතුය.

10           සාප්පු හා කාර්යාල සේවිකාවන්ටත් ප්‍රසූතිකාධාර ගෙවන්නේ කෙසේද?

ජීවත්ව සිටින පළමු හා දෙවන දරු ප්‍රසූති දෙක සඳහා දින 84කුත්, අනෙකුත් සියලු දරු ප්‍රසූති සඳහා දින 42කුත්, ප්‍රසූති නිවාඩු ලෙස මෙම අය ලැබුවත් එම නිවාඩුවට අමතරව එම කාලය තුල එළබෙන සතිපතා දින 1 1/2ක නිවාඩු හා වෙනත් ප්‍රසිද්ධ හා පෝය නිවාඩුත් ඒ අයට හිමියි. මෙම නිවාඩු සියල්ල වෙනුවෙන් ඔවුනට සම්පුර්ණ වැටුපද හිමියි.

11           වෛකල්පිත ප්‍රසූතිකාධාර කියන්නේ මොනවාද?      

කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත සහතිකය ඇති, සුතිකාගාර පහසුකම් සපයා ඇති වතුවල සේවය කරන කම්කරු ස්ත්‍රීන්ට ඔවුන්ගේ දරු ප්‍රසූතියේදී දෙනු ලබන අධාරයි.

12           වෛකල්පිත ප්‍රසූතිකාධාර මගින් වතු සේවිකාවන්ට ලැබෙන ආධාර මොනවාද?

  • දින 10කට නොඅඩු කාලයක් තුළ වත්තේ රෝහලේදී සූතිකාගාර පහසුකම්
  • දරු ප්‍රසූතියේදී වින්නඹු මාතාවකගේ සේවය
  • සූතිකාගාරයේ රැදී සිටින කාලය තුළ අහාර පාන
  • සූතිකාගාර හිමිකම් වශයෙන් මුදලින් කෙරෙන ගෙවීම්         

13           වෛකල්පිත ප්‍රසූතිකාධාර ලබන අයට මුළු ප්‍රසුතිකාධාර මුදලම ගෙවනවාද?     

නැත. වෙනත් පහසුකම් ලබාදෙන නිසා මේ අයට ගෙවන්නේ සාමාන්‍ය ප්‍රසූතිකාධාර මුදලින් හතෙන් හතරක් පමණයි.  

14           සෑම වතු සේවිකාවකටම වෛකල්පිත ප්‍රසූතිකාධාර ලැබෙනවාද?        

නැත. වෛකල්පිත ප්‍රසූතිකාධාර ගෙවන්නේ එසේ ගෙවීමට කටයුතු කර ඇති සේවා යෝජකයෙකුට කම්කරු කොමසාරිස්වරයා විසින් ලිඛිත සහතිකයක් නිකුත් කර ඇති විට පමණයි.

15           වෛකල්පිත ප්‍රසූතිකාධාර හිමිකම් තිබෙන්නේ එම වතුවල පදිංචි කම්කරු ස්ත්‍රීන්ට පමණක්ද?     

නැත. එම වතුවල පදිංචි කම්කරු ස්ත්‍රීන්ට වගේම වත්තෙහි පදිංචි නැතත් ප්‍රසුතියට පෙර වෛකල්පිත ප්‍රසූතිකාධාර ලැබීමට කැමති බව සේවායෝජකයා වෙත දැනුම්දී ඇති අනෙකුත් කම්කරු ස්ත්‍රීන්ටද එය හිමියි.    

16           වෛකල්පිත ප්‍රසූතිකාධාර ප්‍රතික්ෂේප කල හැකිද?    

නොහැකිය. එසේ ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට ප්‍රසූතිකාධාර කිසිවක්ම ලබා ගැනීමේ අයිතිය අහිමිවේ.   

17           ගර්භනී මවක් අතිකාල සේවයේ යෙදවිය හැකිද?       

කාන්තාවන් ගර්භනීව සිටින කාලය තුලත්, දරුවා ප්‍රසූත කළ පසු දරුවාට අවුරුදු 01ක් දක්වාත්, මළ දරුවෙකු ප්‍රසූත කළේ නම් ප්‍රසූත දින සිට මාස 03ක් දක්වාත්, ඇයගේ ලිඛිත කැමැත්ත නොමැතිව අතිකාල සේවයේ යෙදවිය නොහැකිය. 

Employment of Women Young Persons and Children’s Act No. 47 of 1956
There are no translations available.

  • To whom is this Act applied ?

This Act is applied to;

(i) Children under the age of 14 years

(ii) Young persons between the ages 14 - 18 years

(iii) Any women worker employed in industrial undertakings

  • Under what conditions an employer could employee women at night ?

An employer could employee women at night subjected to following conditions.

(i) No women shall be complied to work at night against her will.

(ii) Written sanction of the commissioner of Labour should be obtained by every employer, prior to the employment by him of women to work after 10 p.m. at night.

(iii) No women who has been employed during the hours of 6 a.m. and 6 p.m. shall be employed after 10 p.m. on any day.

(iv) Every women who works at night shall be in receipt of a payment of not less than one and a half times of the normal payment received by her.

(v) There shall be appointed female wardens to see the welfare of women workers who work at night.

(vi) Every women worker working at night shall be provided with rest rooms and refreshments by the employer.

(vii) No women shall be employed for more than ten days on night work during any one month.

  • What is meant by night ?

(a) With reference to the employment of women, night means at least eleven consecutive hours including the period between 10 p.m. and 5 a.m.

  • What are the conditions for employing children ?

(i) No child under the age of 14 years shall be employed in any occupation.

  • What are the sanctions for employing children ?

When a child is employed the employer shall be guilty of offence and convicted after summary trial before a magistrate be liable to a fine not exceeding ten thousand rupees or imprisonment for a period not exceeding twelve months or both such fine and imprisonment.

In addition, the court may order to pay compensation determined by the court to the victim child.