මුල් පිටුව අංශ සැලසුම් පර්යේෂණ පුහුණු හා ප්‍රකාශන අංශය

සැලසුම් පර්යේෂණ පුහුණු හා ප්‍රකාශන අංශය

දැක්ම

එලදායිතාව ඉහල නැංවීම පිණිස කුසලතා පිරිපුන් නිලධාරීන් පිරිසක් බිහි කිරීම හා කාර්මික සාමය ස්ථාපිත කිරිම සදහා දෙපාර්තමේන්තුවේ සැලසුම් හා ප්‍රතිපත්ති සම්පාදනයට සහය දීම , දත්ත රැස් කිරීම හා පර්යේෂණ පැවැත්වීම.

සැලසුම් පර්යේෂණදෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරකම් පිළිබද මාර්ගෝපදේශන සැලැස්මක් සැපයීමට වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම මෙම අංශය මගින් සිදු කෙරේ.කම්කරු නිලධාරින්ගේ දිනපොත් පරික්ෂා කර ගුණාත්මක භාවයෙන් යුතු කම්කරු ශ්‍රමික පරීක්ෂණ සැපයීම සිදු කිරිමත් ගැටළු නිරාකරණය කිරීමත් මෙම අංශය මගින් සිදු කෙරේ.

පුහුණු වැඩසටහන්

මෙම අංශය විසින් දෙපාර්තමේන්තුවේ සියළුම පුහුණු කටයුතු සිදු කරනු ලැබේ.

මූලිකව පහත අයුරින් පුහුණු වර්ගීකරණය කෙරේ.

  • කම්කරු පරීක්ෂණ සම්බන්ධ පුහුණු වැඩසටහන්
  • කම්කරුවන් සම්බන්ධ කටයුතු සදහා පුහුණු
  • කළමනාකරණ සහකාරවරු සදහා පුහුණු
  • දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු සදහා පුහුණු
  • රියදුරන් හා කණිෂ්ඨ සේවකයන් සදහා පුහුණු
  • SLIDA හා අනෙකුත් බාහිර පුහුණු ආයතනවලට නිලධාරින් පුහුණු සදහා යවනු ලැබේ.
  • දෙපාර්තමේන්තුවේ සියළු නිලධාරින් සදහා පරිගණක පුහුණු

ප්‍රකාශන

දෙපාර්තමේන්තුව සදහා පහත දැක්වෙන පනත් හා ව්‍යවස්ථා මුදුණය මෙම අංශයෙන් සිදු කෙරේ.

  • 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත
  • 1958 අංක 15 දරණ සේ.අ.අ පනත
  • 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල පනත
  • 1941 අංක 27 දරණ පඩිපාලක සභා ආඥා පනත
  • 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත
  • 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවිම් පනත පනත
  • 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත
  • 1971 අංක 45 දරණ සේවය අවසන් කිරිමේ පනත

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අරමුදල් යටතේ මෙහෙයවූ කම්කරු පරීක්ෂණ, පැමිණිලි හා නඩු පරිගණක ගත පද්ධතියක් ඔස්සේ පවත්වාගෙන යනු ලබන LISA පරිගණක වැඩසටහන ක්‍රියාත්මක කිරිම මෙම අංශයෙන් සිදු කරයි.

දේශන ශාලා පහසුකම් හා නේවාසික පහසුකම් සහිත සීතාවක මානව සම්පත් සංවර්ධන පුහුණු ආයතනය මෙම අංශය යටතේ පවත්වාගෙන යනු ලැබේ.

 

කම්කරු කොමසාරිස්

සැලසුම් පර්යේෂණ පුහුණු හා ප්‍රකාශන අංශය

06 වන මහල

කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ 05

 

දුරකතන                                            

අංශය: +94112582647

LISA ඒකකය: +94112582954

ෆැක්ස්: +94112582647

ඊමේල්: prtlabour@gmail.com

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 08 වෙනි සිකුරාදා, 02:37