මුල් පිටුව අංශ විශේෂ වීමර්ශන අංශය
විශේෂ වීමර්ශන අංශය

විශේෂ විමර්ශන අංශයේ කාර්යභාරය

1. ගරු ජනාධිපති, අගමැති. කම්කරු අමාත්‍යාංහයට සහ කම්කරු කොමසාරිස් ජනරාල්ට යොමුවෙන කම්කරු නීතියට අදාළ පැමිණිලි සහ අභියාචනා විභාග කිරීම සහ කඩිනමින් විසඳා ඒ ඒ පාර්ශවයන්ට  සහන සැලසීම.

2.අසාධාරණ කම්කරු පිළිවෙත් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිලි කඩිනමින් විසඳීම.

3.කම්කරු නීති හා ඊට අදාල සමාජ සංරක්ෂණ නීති ක්‍රියාත්මක නොවන බවට ලැබෙන පැමිණිලි අනුව ව්‍යාපාරිකහා නිෂ්පාදන ආයතන පරික්ෂා කිරීමසහ කම්කරු නීති වලට අදාල ආයතන සතු ලිපි ලේඛන පරික්ෂා කිරීම , සේවක ප්‍රකාශ ලබා ගැනීම සහ ඒ අනුව  හිඟ ගණනය කිරීම.

4.විශේෂ විමර්ශන අංශයේ දී සිදුකරන හිග ගණනය කිරීම් සහ ආරවුල් සමථ  කිරීමට ප්‍රතිචාර නොදක්වන සේවා යෝජකයන් හට නඩු පැවරීම සඳහා සාක්ෂි සාරාංශ සකස් කර දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කිරීම සහ ඒ සම්බන්ධ පසු විපරම් කිරීම.

5.විශේෂ විමර්ශන අංශයට ලැබෙන අභියාචනා අනුවප්‍රාදේශීය කාර්යාලවල සිදුවන දෝෂ නිවැරදි කිරීම හා ඊට අදාළ උපදෙස් ලබාදීම.

6. කම්කරු කොමසාරිස් ජනරාල් පවරන වෙනත් රාජකාරි ඉටු කිරීම හා කම්කරු දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශවල කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවලදී සහයෝගය දැක්වීම.

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2023 පෙබරවාරි 09 වෙනි බ්‍රහස්පතින්දා, 09:10