මුල් පිටුව අංශ කර්මාන්ත සුරක්ෂිතතා අංශය

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය

alt alt alt alt alt
alt alt alt alt alt

හැදින්වීම

අප අංශයේ ප්‍රධාන වගකීම වන්නේ වැඩකරන ජනතාවගේ සුරක්ෂිතතාව, සෞඛ්‍යය හා සුභසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එම වගකීම ඉටුකිරීමට ප්‍රධාන වශයෙන් 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත ක්‍රියාත්මක කෙරේ. මෙම කාර්යය සාර්ථකව ඉටු කිරීමට දිවයින පුරා දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල 10ක් පිහිටුවා ඇත.

දැක්ම

සුරක්ෂිතතා සේවා පරිසරයක් ඇති කිරීම.

මෙහෙවර

සේවා ස්ථානවල වෘත්තීය අනතුරු හා ලෙඩ රෝග නැති කිරීමට පියවර ගැනීම.

අපගේ ප්‍රධාන කාර්යයන්:

  • කර්මාන්තශාලා ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
  • කර්මාන්ත ශාලා පරීක්ෂා කිරීම.
  • කර්මාන්ත ශාලා මෙම අංශයේ ලියාපදිංචි කිරීම.
  • කර්මාන්ත ශාලා ගොඩනැගිලි පිඹුරුපත් අනුමත කිරීම.
  • අනතුරු විමර්ශණය කිරීම.
  • පැමිණිලි විමර්ශණය කිරීම කිරීම.
  • හදිසි මරණ පරීක්ෂණවලට සහභාගි වීම.
  • නීති මගින් කටයුතු කිරීම.
  • සේවක / සේව්‍ය දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම.
  • අනතුරු වාර්තා විශ්ලේෂණය කිරීම, අනතුරු සංඛ්‍යාලේඛන සැකසීම.
  • අනතුරු වලක්වා ගැනීම සඳහා දැනුවත් කිරීම, අත්පත්‍රිකා පෝස්ටර් ආදිය සැකසීම, වාර්තා චිත්‍රපට සැදීම.
  • බලයලත් නිලධාරීන් පත් කිරීම.
  • කර්මාන්තශාලා ආඥා පනත යටතේ වන සහතික නිකුත් කිරීම.

වෙනත් කාර්යයන්

  • කර්මාන්ත ශාලා තුල වැඩ කරන පරිසරය සුරක්ෂිතව තබා ගැනීම සඳහා උපදේශන සේවා හා දේශන පැවැත්වීම.
  • සේවක සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ ජාතික කමිටුවලට සහභාගි වීම.
  • කර්මාන්තශාලාවල සුරක්ෂිතතාව විගණනය කිරීම.
  • විවිධ රජයේ ආයතන සඳහා සේවක සුරක්ෂිතතාව, සෞඛ්‍යය හා සුභසාධනය පිළිබඳ පාඨමාලා සකස් කිරීම.

දැනට ක්‍රියාත්මක අණ පනත්

  • කර්මාන්ත ශාලා ආඥා පනත 1942 අංක 45
  • කර්මාන්ත ශාලා (සංශෝධිත) ආඥා පනත 1946 අංක 22
  • කර්මාන්ත ශාලා (සංශෝධිත) පනත 1961 අංක 54
  • කර්මාන්ත ශාලා (සංශෝධිත) නීතිය 1976 අංක 12
  • කර්මාන්ත ශාලා (සංශෝධිත) පනත 1998 අංක 18
  • කර්මාන්ත ශාලා (සංශෝධිත) පනත 2000 අංක 33
  • කර්මාන්ත ශාලා (සංශෝධිත) පනත 2002 අංක 19

දැනට ක්‍රියාත්මක නියෝග

  • 1960 කර්මාන්තශාලා (අංක 1) නියෝග
  • 1965 කර්මාන්තශාලා (අන්තරාදායක සිදුවීම් දැනුම් දීමේ) නියෝග
  • 1965 කර්මාන්තශාලා (සේදීමේ පහසුකම් පොදු) නියෝග
  • 1965 කර්මාන්තශාලා (ආලෝකමත් කිරීමේ පොදු සම්මත) නියෝග
  • 1965 කර්මාන්තශාලා (කෑම කන කාමර) නියෝග
  • 1965 කර්මාන්තශාලා (වාෂ්ප බොයිලේරු පරිවාරකයන්ගේ කාර්යක්ෂමතා සහතික) නියෝග
  • 1972 කර්මාන්තශාලා (දැනුම් දිය යුතු කාර්මික රෝග) නියෝග
  • 1979 කර්මාන්තශාලා (ඇස් ආරක්ෂා කිරීමේ) නියෝග
  • 1995 අංක 1 දරණ කර්මාන්තශාලා (ප්‍රථමාධාර) නියෝග
  • ප්‍රථමාධාර පත්‍රිකාව

(ඉහත නීති රීති හා නියෝග කම්කරු දෙපාර්තමේන්තුවේ පුස්තකාලයේදී පරිහරණය සඳහා තබා ඇත.)

කර්මාන්තමය සුරක්ෂිතතා අංශයේ නවතම යොමුව

කර්මාන්තශාලාවල හා වැඩබිම්වල සේව්‍ය/සේවක දැනුවත් කිරීම තුලින් වැඩ කරන පරිසරය සුරක්ෂිත කිරීම හා අනතුරු සිදුවීමට පෙර ඒවා වැළැක්වීම සඳහා ඔවුන්ගේ ඉහලම දායකත්වය ලබා ගැනීම මෙම අංශයේ නවතම ක්‍රියාමාර්ගය වී ඇත. ඒ සඳහා දැනට ඇති නීති රීති හා අණපනත් සංශෝධනය වෙමින් පවතී.

කර්මාන්තමය සුරක්ෂිතතා අංශයට අදාල ලියකියවිලි හා පෝරම

  • ලියාපදිංචි කිරීමේ පෝරමය - සී.එෆ්.අයි.ඊ.4
  • හදිසි අනතුරු දැන්වීමේ පෝරමය - පෝරම අංක 10
  • හදිසි අනතුරු වාර්තාව - සී.එෆ්.අයි.ඊ.1
  • අන්තරාදායක සිදුවීම් දැනුම් දීමේ පෝරමය-පෝරම අංක 13
  • වෘත්තීය රෝග දැනුම් දීමේ පෝරමය - පෝරම අංක 12
  • සාමාන්‍ය ලේඛණය - 11 වන ආකෘතිය


විමසීම්

අවසන් යාවත්කාලීන කිරීම 2018 අගෝස්තු 31 වෙනි සිකුරාදා, 08:40