මුල් පිටුව අංශ ශ්‍රම ප්‍රමිති අංශය

ශ්‍රම ප්‍රමිති අංශය

පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ  සේවයේ නියුතු සේවා නියුක්තිකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය, සුභසාධනය හා රැකියාවේ විධිමත්භාවය ස්ථාපිත කිරීම කෙරෙහි බලපාන්නාවූ සේවා තත්ත්වයන් හා කොන්දේසි පිළිබඳ ප්‍රමිතීන් සැකසීම සහ ඒ සඳහා වූ නෛතික ප්‍රතිපාදනයන් හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු කිරීම මෙන්ම ඒවා පිළිබඳ විධිමත් අධීක්ෂණයක් සිදු කිරීම, තුලින් රටේ කාර්මික සාමය ස්ථාපිත කොට කම්කරු දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්යභාරයට දායක වීම මෙම අංශය මගින් සිදු කෙරේ.

ක්‍රියාත්මක අණ පණත්

  1. 1941 අංක 27 දරණ පඩි පාලක සභා ආඥා පනත
  2. 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත
  3. 2005 අංක 36 දරණ සේවකයින්ගේ අයවැය සහන දීමනාව ගෙවීමේ පනත
  4. 2016 අංක 03 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත
  5. 2016 අංක 04 දරන සේවකයන්ගේ අය වැය සහන දීමනා පනත
  6. 2021 අංක 16 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත

අංශය මගින් සිදු කරන ප්‍රධානතම කාර්යයන්,

  • ත්‍රෛපාර්ශවික පඩිපාලක සභා ක්‍රියාත්මක කිරීම, සේවා කොන්දේසි පිළිබඳ උපදෙස් ලබාදීම හා පැහැදිලි කිරීම් සිදු කිරීම.
  • සේවා නියුක්තිකයන්ගේ වැටුප්, සේවා තත්ත්වයන් හා කොන්දේසි තීරණය කිරීම හා ඒවා නීති ගත කිරීම.
  • නව කර්මාන්ත ක්ෂේත්‍ර හඳුනාගෙන එම කර්මාන්ත වල සේවයේ නිරත වන්නන් හට ආවරණය සැලසෙන පරිදි නව පඩිපාලක සභා ස්ථාපිත කිරීම.
  • කාලීනව සිදු වන නීතිමය සංශෝධනයන්ට ද අනුකූල වන පරිදි කම්කරු නීති රීති පිළිබඳව සේව්‍ය සේවක දෙපාර්ශවය දැනුවත් කරීම සඳහා වැඩ සටහන් පැවැත්වීම.
  • නීතිමය අර්ථකතන ලබා දීම හා අවශ්‍ය උපදෙස් ලබා දීම.
  • සාමූහික ගිවිසුම් වල නීතිමය වලංගුභාවය පිළිබඳ පරීක්ෂා කිරීම හා ඊට අදාල කටයුතු සිදු කිරීම.
  • දින පහේ වැඩ සතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දීමේ කටයුතු සිදු කිරීම.
  • වැටුපෙන් අඩු කිරීම් පිළිබඳව අනුමැතිය ලබා දීම.
  • දඩඅරමුදල් වල පරිපාලනය විධිමත් කිරීම.
  • ව්‍යවස්ථාපිත නිවාඩු දිනවල සේවකයන් සේවයේ යෙදවීමට අදාලව අනුමැතිය ලබා දීම.

ආකෘති හා උපදෙස්

අමතන්න

කම්කරු කොමසාරිස්

0112-104856

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

0112-104857

පඩි පාලක සභා ලේකම්

0112-104858

අංශ ප්‍රධානි/ප්‍රධාන කළමණාකරන සේවා නිලධාරී

0112-104859

ෆැක්ස්  

0112-368094  

විද්‍යුත් තැපෑල

labourstandardsdiv@gmail.com

තැපැල් ලිපිනය

ශ්‍රම ප්‍රමිති අංශය, 12වන මහල, කම්කරු දෙපාර්තමේන්තුව, මෙහෙවර පියස, කොළඹ 05.

 

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූනි 08 වෙනි සිකුරාදා, 05:27