මුල් පිටුව
දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය

රටේ කාර්මික සාමය පවත්වා ගෙනයාම උදෙසා කාර්මික ආරවුල් සමථ කිරීම හා කම්කරු නීති ක්‍රියාත්මක කිරීම තුලින් කාර්මික ආරවුල් විසඳීම.

 

රටේ කාර්මික සාමය තහවුරු කිරීම උදෙසා සමාජ කතිකාව ප්‍රවර්ධනය කිරීම හා කම්කරු නීති සම්බන්ධයෙන් සේවක ප්‍රජාව දැනුවත් කිරීම.

 

කර්මාන්ත ක්‍ෂෙත්‍රයන්ට අදාල ශ්‍රම ප්‍රමිතීන් ක්‍රියාවේ යෙදවීම, නව කර්මාන්ත ක්‍ෂෙත්‍රයන් පිළිබඳව සමීක්ෂණ සිදුකිරීම හා ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රමිතීන් සකස් කිරීම.

 

සේවක අර්ථසාධක අරමුදල ප්‍රවර්ධනය කිරීම, එහි ප්‍රතිලාභ සාමාජිකයින් වෙත ලබාදීම හා අනුමත පුද්ගලික අර්ථසාධක අරමුදල් අධීක්ෂණය

 

ළමුන්, කාන්තාවන් හා තරුණයින් රැකියාවන්හි නිරත කරවීමේදී ඔවුන්ගේ රැකවරණයට අදාල නීති ක්‍රියාත්මක කිරීම.

 

කර්මාන්ත ක්‍ෂෙත්‍රයන් හි සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාවට අදාලව ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයන් හඳුන්වාදීම, ඒ පිළිබඳව දැනුවත් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය