මුල් පිටුව අප ගැන

මුලික හැදින්වීම

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ප්‍රඥප්තිය යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී. දේශීය ශ්‍රම බලකායේ වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් අවබෝධ වීමත් සමඟම ශ්‍රම බලකායේ ආරක්ෂාව හා සුභසාධනයට අදාළ කටයුතු කම්කරු පාලකවරයෙකු වෙත පවරන ලදී. පසුව කම්කරු පාලක යන තනතුර කම්කරු කොමාසරිස් ලෙස වෙනස් කරන ලද අතර 1994 කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර පුළුල් බලතල සහිත නිර්මාණය කරන ලදී.

ශ්‍රම බලකායේ සුභසාධනය සහ ආරක්ෂාව සඳහා පසුගිය වසර 94ක කාලසීමාව තුළ මූලික නීති 50 ක් පමණ සම්මත කිරීමට ව්‍යවස්ථාදායකය පියවර ගෙන ඇත. කම්කරු දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වන්නේ මෙම නිති ක්‍රියාත්මක කරවීමයි. මෙම කාර්යය සඳහා, දෙපාර්තමේන්තුව ප්‍රධාන අංශ 13 ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එයට අමතරව කලාප කම්කරු කාර්යාල 11ක්, දිස්ත්‍රික් කම්කරු කාර්යාල 40 ක්, උප-කම්කරු කාර්යාල 17 ක් සහ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂණ ඉංජිනේරු කාර්යාල 10 ක් ක්‍රියාත්මක වේ.

දැක්ම

අන්තර්ජාතිකව තරඟකාරී ආර්ථිකයක් සඳහා කල්පවත්නා කාර්මික සාමයක් සහිත රටක්.

මෙහෙවර

කම්කරු අයිතීන් ආරක්ෂා කරමින්, තහවුරු කරන ලද කාර්මික සාමය සහිත සුනිසි වැඩ පරිසරයක් තුලින් සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීම.

කාර්යභාරය

  • රටේ කාර්මික සාමය පවත්වා ගෙනයාම උදෙසා කාර්මික ආරවුල් සමථ කිරීම හා කම්කරු නීති ක්‍රියාත්මක කිරීම තුලින් කාර්මික ආරවුල් විසඳීම.
  • රටේ කාර්මික සාමය තහවුරු කිරීම උදෙසා සමාජ කතිකාව ප්‍රවර්ධනය කිරීම හා කම්කරු නීති සම්බන්ධයෙන් සේවක ප්‍රජාව දැනුවත් කිරීම.
  • කර්මාන්ත ක්‍ෂෙත්‍රයන්ට අදාල ශ්‍රම ප්‍රමිතීන් ක්‍රියාවේ යෙදවීම, නව කර්මාන්ත ක්‍ෂෙත්‍රයන් පිළිබඳව සමීක්ෂණ සිදුකිරීම හා ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ප්‍රමිතීන් සකස් කිරීම.
  • සේවක අර්ථසාධක අරමුදල ප්‍රවර්ධනය කිරීම, එහි ප්‍රතිලාභ සාමාජිකයින් වෙත ලබාදීම හා අනුමත පුද්ගලික අර්ථසාධක අරමුදල් අධීක්ෂණය
  • ළමුන්, කාන්තාවන් හා තරුණයින් රැකියාවන්හි නිරත කරවීමේදී ඔවුන්ගේ රැකවරණයට අදාල නීති ක්‍රියාත්මක කිරීම.
  • කර්මාන්ත ක්‍ෂෙත්‍රයන් හි සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාවට අදාලව ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදයන් හඳුන්වාදීම, ඒ පිළිබඳව දැනුවත් කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය