සේවක අර්ථ සාධක අරමුදලේ සජිවි ප්‍රතිලාභ ගෙවීමට අදාලව අයදුම්පත්‍ර ප්‍රධාන කාර්යාලයට භාරදීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ වේලාවක් වෙන්කර ගැනීම

2020.06.22 දින සිට ක්‍රියාත්මක වන පරිදි සජිවි ප්‍රතිලාභ ගෙවීමට අදාලව සපුරාලිය යුතු මුලීක කරුණු පහත දක්වා ඇති අතර ඔබට අදාල වන කොටසට අයත් තොරතුරු නිවැරදිව කියවා සම්පුර්ණ කිරිමෙන් අනතුරුව ඒම අයදුම්පත භාර දීම සඳහා පහත යොමුව මඟින් වේලාවක් වෙන්කර ගත හැකිය.

දැනට අපගේ සියළුම දිස්ත්‍රික් කම්කරු කාර්යාල ප්‍රතිලාභ ගෙවීම් සිදුකරන බැවින් ඔබගේ ස්ථිර පදිංචියට අදාල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට ඔබ සෘජුව ගොස් භාර දීමට කටයුතු කරන්න.

ඔබ කොළඔ දිස්ත්‍රික්කයට අයත් වේ නම් අපගේ ප්‍රධාන කාර්යාලයට භාර දීමට කටයුතු කරන්න (ඔබ ස්ථිර පදිංචියට විදේශගත වන්නෙකු නම් අනිවාර්යෙන් ප්‍රධාන කාර්යාලයට භාර දීමට කටයුතු කළ යුතුය.)

මාර්ගගත ක්‍රමය ඔස්සේ වේලාවක් වෙන්කර ගැනීමේ සේවාව


සේවක අර්ථසාධක අරමුදල් - සජීවි ප්‍රතිලාභ ගෙවීම

මූලික වශයෙන් ඔබ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබ සුදුසුකම් ලැබූ අයෙකු නම්, ඔබ දැනට සියලු ආයතන වලින් ඉවත් වී සිටිය යුතුය. එසේ නම් මූලික වශයෙන්,

1. K- අයදුම් පත්‍රය (අවසන් වරට සේවය කල ආයතනයෙන් සහතික කල යුතුය.)

සැ. යු. - ආයතනය වසා ඇත්නම් K- අයදුම් පත්‍රයේ II කොටස ආයතනය පිහිටි ප්‍රදේශයේ කම්කරු කාර්යාලයෙන් සහතික කර, ඔබ ස්ථිර පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශිය ලේකම් මගින් සනාථ කරන ලද පුද්ගල විස්තර පත්‍රිකාව හා හානිපූර්ණය ලබා දිය යුතුය.

2. ඔබ සේවය කර ඇති සාමාජික අංක සඳහා වෙන් වෙන් වශයෙන් වූ B පත්‍ර

3. ජාතික හැඳුනුම් පත්‍රය / වලංගු රියදුරු බලපත්‍රය / වලංගු විදේශ ගමන් බලපත්‍රය.

ඔබ ප්‍රතිලාභ ඉල්ලුම්කරනුයේ පහත හේතු මත වේ නම්, ඊට අදාල දක්වා ඇති ලේඛනද ඉදිරිපත් කලයුතුය.

(i) වයස සම්පූර්ණ වීම (පිරිමි අයකු නම් අවුරුදු 55ද, ගැහැණු අයකු නම් අවුරුදු 50ද සම්පූර්ණ විය යුතුය) ඒ සඳහා,

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද අනුමාන වයස් සහතිකය හෝ

පුරවැසිභාවය ලබාදීමේ ලේඛනය හෝ

උප්පැන් ලියාපදිංචි නොවු බවට අදාල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මඟින් නිකුත් කරන ලේඛන සටහන සමග අනුමාන ලෙස වයස සඳහන් කරන සාමවිනිසුරු සහතිකය.

(ii) විවාහ පදනම (කාන්තාවන් සඳහා පමණක් අදාල වේ)

යම් කාන්තාවක් අවසන් වරට සේවය කල ආයතනයෙන් ඉවත් වී මාස 3ක් ඇතුලත විවාහ වීම හෝ සේවයේ යෙදී සිටියදී විවාහ වී වසර 5ක් ඇතුලත සේවයෙන් ඉවත් වී තිබිම.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද විවාහ සහතිකය

(iii) වෛද්‍ය හේතුව මත

රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලබා දෙන වෛද්‍ය සහතිකයට අනුකූලව දෙපාර්තමේනතුව ලබා දෙන M පත්‍රය සම්පූර්ණ කර අපගේ වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී අනුමත වීම.

අනුමත M පත්‍රය හා සහකාර කම්කරු කොමසාරිස් නිර්දේශිත ලිපිය.

(iv) ස්ථිර පදිංචිය සඳහා විදේශ ගත වීම.

වලංගු ගමන් බලපත්‍රය හා ස්ථිර පදිංචිය සනාථ කිරිමට අවශ්‍ය ලේඛන

(v) පූර්ණ රාජ්‍ය සේවයේ ස්ථිර පත්වීමක් ලැබීම.

ස්ථිර විශ්‍රාම වැටුප් සහිත බව දැක්වෙන හෝ ඉදිරියේදී විධිමත් තීරනයකට යටත්ව ලෙස දැක්වු විධිමත් පත්වීම් ලිපිය.

වැටුප් වාර්තාව

මැතකදී ලබාගත් සේවා සහතිකයක්

සැ.යු. - ත්‍රිවිධ හමුදා සඳහා පත්වීම් ලිපියක් නිකුත් නොවන අතර සේවා හැඳුනුම් පත ඉදිරිපත් කළ යුතුයි. වෛද්‍ය වෘත්තියන් සඳහා විධිමත් පත්වීම් ප්‍රමාද නම් අනෙක් තොරතුරු සමඟ වෛද්‍ය සභාවේ හැඳුනුම් පත්‍රය ඉදිරිපත් කරන්න.

(vi) යම් ආයතනයක් වන්දි පදනම මත සේවයකින් ඉවත් කර එකී සේවකයින්ට ප්‍රතිලාභ ගෙවීමට අනුමැතිය ලැබු විට,

විධිමත්ම ලේඛනයේ නම තිබීම

විධිමත් ආවරණ ලිපිය

4. ඔබගේ ප්‍රතිලාභ බැර කළ යුතු සක්‍රීය ගිණුමේ තොරතුරු (බැංකුවේ නම, ගිණුම් වර්ගය, ශාඛාව, ගිණුම් අංකය) ඇතුලත් පැහැදිලි ඡායා පිටපතක්

තවදුරටත් තොරතුරු අවශ්‍ය වේ නම් අපගේ පහතින් දී ඇති යොමුව (link) මඟින් ලබාගත හැකිය.

http://www.labourdept.gov.lk/images/PDF_upload/ApplicationForms/EPF/claim_guidelines_s.pdf

Last Updated on Wednesday, 01 December 2021 08:58