සේවක අර්ථසාදක අරමුදල් ප‍්‍රතිලාභ (K ආකෘතියෙන්) විද්‍යුත් තැපෑල භාවිතා කර ඉල්ලුම් කිරීමේ ක‍්‍රම වේදය

1. නිසිපරිදි සම්පූර්ණ කරන ලද K අයදුම් පත‍්‍රය සමඟ ඊට අදාල අනෙකුත් සියළුම ලිපි ලේඛණ Scan කර හෝ පැහැදිලිව ඡායාරූප ගතකර epfclaimkform@sltnet.lk යන ඊ මේල් ලිපිනය වෙතට එවිය යුතුය.

2. තමා ඉල්ලූම්කරන කරුණට අදාලව K අයදුම් පත‍්‍රය සමඟ ඉදිරිපත් කල යුතු සියළුම ලිපි ලේඛණ පිලිබඳ තොරතුරු මෙම ලින්ක් එක මගින් ලබාගත හැක.

3. මීට අමතරව ඔබගේ පෞද්ගලික දුරකථන අංකය, පෞද්ගලික ඊ මේල් ලිපිනය (යොමු කර ඇති ඊ මේල් ලිපිනය වෙනත් අයෙකුගේ නම්) සහ ආසන්නතම දිස්ත‍්‍රික් කම්කරු කාර්යාලයද අනිවාර්යයෙන් සඳහන් කල යුතුය.

**K අයදුම්පත්‍රය මෙම ලින්ක් එක මඟින් බාගත කර ගත හැකිය.
Last Updated on Sunday, 26 April 2020 13:48