මුල් පිටුව අපගේ සේවාවන්
වෘත්තීය සමිති හා වෘත්තීය සමිති සම්මේලන ලියාපදිංචි කිරීම

සුදුසුකම්

  • වෘත්තීය සමිති ආඥාපනතඅනුවලියාපදිංචිය ලැබීමට සදුසුකම් සපුරාලන රාජ්‍ය/පෞද්ගලික අංශ නියෝජනය කරන වෘත්තීය සමිති
  • දැනටමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින  ලියාපදිංචි වෘත්තීය සමිති දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධ වීමෙන් සංවිධානය වනඒකාබද්ධ සංවිධාන ව්‍යූහයන් (සම්මේලන)

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

7 වන මහල, වෘත්තීය සමිති අංශය, කම්කරු මහලේකම් කාර්යාලය.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

අදාළ සංගමය/සම්මේලනය ආරම්භ කිරීම සිදු කරන ලද එසේ ලියාපදිංචි කිරීමේ තීරණයට එළඹි රැස්වීමේ දින සිට තෙමසක් ඉක්මවීමට ප්‍රථම.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ඉල්ලුම් පත්‍රයේ  සඳහන් වටිනාකමින් යුත් මුද්දර පමණකි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ඉදිරිපත් කරන තොරතුරුවල නිරවද්‍යතාවය මත උපරිම දින 14කට යටත්ව.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

i)

  • සපයා දුන් උපදෙස් අනුව සම්පූර්ණ කරන ලද ‘B’ ආකෘතිය.
  • සපයා ඇති උධෘතය ප්‍රකාරව  පිලියෙල කරන ලද ව්‍යවස්ථාව හෝ නියමිත පරිදි සම්පූර්ණ කරන ලද සපයා ඇති උධෘතය.
  • ආරම්භක සභා රැස්වීමේ වාර්තාවේ පිටපතක්.
  • ආරම්භක රැස්වීමට අදාල පැමිණීමේ අත්සන් ලේඛනයේ පිටපතක්.

ii)   

ඉහත අංක (i) සඳහන් ලේඛනවලට අමතරව සම්මේලන ගතවීමට අපේක්ෂිත සෑම සංගමයක් විසින් ම,

  • ඒකාබද්ධ වීමේ යෝජනාව සභා සම්මත කරගන්නා ලද රැස්වීමේ වාර්තා පිටපතක්
  • ඉහත  ‘අ’හි සඳහන්  රැස්වීමට අදාල  පැමිණීමේ අත්සන් ලේඛන පිටපතක්
  • සංගමයේ ලේකම් ඇතුළු ඉහත ‘අ’  හි රැස්වීමට සහභාගි වූ සාමාජිකයින් 7 දෙනෙකු අත්සන් කරන ලද  ‘එච්’   ආකෘතිය (ඒකාබද්ධ වීමේ නිවේදනය)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

වෘත්තීය සමිති 

0112369646

0112369646

dolteuc@slt.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.               

ඉල්ලූම්පත් ආකෘතිය

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 12 වෙනි සදුදා, 08:03