මුල් පිටුව අංශ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 23(1) වගන්තිය යටතේ පත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධරයන්ගේ සහ නම් කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර එකී පනතෙහි 26(1) වගන්තිය ප්‍රකාරව මෙහි දැක්වේ.

සටහන:  කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ පැමිණිලි වලට අදාලව එම පරීක්ෂණයන්හි තත්ත්වය සහ ගනු ලැබූ පියවර පිලිබඳ තොරතුරු එම පරීක්ෂණයන්ට අදාල පාර්ශවයන් වෙත සෘජුවම ලබා ගත හැකි වේ. එම තොරතුරු ඉල්ලීම්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ කොමිෂන් සභා පනත යටතේ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. තවද මෙම පරීක්ෂණයන්ට අදාල කරුණු සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ නම්, එම ඉල්ලීම අධිකරණය වෙත ඉදිරිපත් කර අධිකරණයේ අවසරය මත පමණක් අදාල පාර්ශවයන් වෙත වුවද තොරතුරු ලබා දීමට සිදුවේ.
කෙසේවුවද, යම් පැමිණිල්ලකට අදාල නොවන බාහිර පාර්ශවයන් විසින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් හෝ එයට අදාල පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු විමසීමක් සිදුකරන්නේ නම් එහිදී එම කරුණ සම්බන්ධයෙන් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබේනම්  හෝ ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩකඩක් තිබේනම් එහිදී ඉල්ලුම් කරන පාර්ශවය වෙත එම තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් අදාල කරුණු පිලිබඳ සලකා බලා මේ සම්බන්ධයෙන් ලබා දිය හැකි තොරතුරු පමණක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.
කම්කරු නීති සම්බන්ධ සියලුම අණපනත්, නියෝග, ආකෘති පත්‍ර සහ උපදෙස්මාලා දැනටමත් කම්කරු දෙපාර්තමේන්තු වෙබ්අඩවියේ පළකර ඇති බැවින් එම ලේඛන ලබා ගැනීම සඳහා හෝ එම අණපනත්, නියෝග, ආකෘති පත්‍ර සහ උපදෙස්මාලා පිලිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා හෝ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර එම තොරතුරු සෘජුවම වෙබ්අඩවිය මඟින් ලබා ගත හැකිවේ. තවද මෙම කරුණු පිලිබඳ යම්කිසි පැහැදිලිකිරීමක් අවශ්‍ය වන්නේ පදිංචි ප්‍රදේශයට ආසන්නතම කම්කරු කාර්යාලය මඟින් ලබාගත හැකිවේ. සියලුම කම්කරු කාර්යාලයන්හි දුරකථන අංක වෙබ්අඩවියේ පල කර ඇත. (ජනමාධ්‍ය වෙත තොරතුරු ලබා දීම මෙයට ඇතුලත් නොවේ.)

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

2017.02.03 දින ප්‍රසිද්ධ කරන ලද නියෝග

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය (අනිවාර්ය නොවේ)

අභියාචනා අයදුම් පත්‍රය (අනිවාර්ය නොවේ)


නිවේදනයයි

2016අංක 12දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු  ලබාගැනීම සඳහා පහත සදහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01දරණ අයදුම් පත්‍රය මගින් අයදුම් කල හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීන්ගේ ලැයිස්තුව බැලීමට මෙතැන ක්ලික් කරන්න
(තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත යටතේ තොරතුරු ඉල්ලුම් කිරීම සඳහා හෝ ඉල්ලුම් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් පසුවිපරම් කිරීම සඳහා හෝ පමණක් මෙම නිලධාරීන් වෙතින් විමසීමට කටයුතු කරන්න.)

කම්කරු දෙපාර්තමේන්තුව හා සම්බන්ධ අනෙකුත් සියලු විමසීම් සඳහා "අප අමතන්න" යටතේ ඇති දුරකථන අංක සහ විද්‍යුත් තැපැල් ලිපිනයන් භාවිතා කරන්න.

 

  1. තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිලිබදව හැකි ඉක්මනින්, කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත.තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සදහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුල සිදු කරනු ඇත.
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරුඉල්ලීමසඳහාකරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම -
    2. පනතේ 5වන වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම,
    5. වැඩිපුර ගාස්තු අයකිරීම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර,විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.

මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සඳහන් නම් කළ නිලධාරියා වෙත දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.

නම් කළ නිලධාරියා,

නම - එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා

තනතුර - අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල්

ලිපිනය - කම්කරු දෙපාර්තමේන්තුව, කොළඹ 05

විද්‍යුත් තැපෑල - addcommgen[@]labourdept.gov.lk

අවසන් යාවත්කාලීන කිරීම 2024 පෙබරවාරි 01 වෙනි බ්‍රහස්පතින්දා, 06:25