මුල් පිටුව අපගේ සේවාවන්
සාමාජිකයා මියගිය අවස්ථාවකදී සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම

සුදුසුකම්

සාමාජිකයා මියගිය අවස්ථාවකදී උරුමකරුවන්ට ප්‍රතිලාභ ලබා ගත හැකිය.

  • සාමාජිකයා අවිවාහක නම් නම්කර ඇති අයට හෝ නම් කර නොමැති නම් උරුම කරුවන්ට ප්‍රතිලාභ ලබාදෙනු ඇත.
  • සාමාජිකයා විවාහක නම් වලංගු නාමිකයාට හෝ නම් කිරීමක් නොමැතිනම් කලත්‍රයා හා / හෝ දරුවන්ට හිමිවේ.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයේ 08වන මහලේ “එල්” අංශය මඟින් හෝ සෑම කලාප කම්කරු කාර්යාලයක් මඟින් හෝ මියගිය සාමාජිකයාගේ සේවක අර්ථසාධක අරමුදල් අංක, ජාතික හැඳුනුම්පත (ඇත්නම්) / ජාතික හැඳුනුම්පත් අංකය, මරණ සහතිකය ඉදිරිපත් කර ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සම්පූර්ණ කරන ලද අයදුම්පත පදිංචි ප්‍රදේශය අයත් කලාප කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත උරුමකරුවන් විසින් පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් මසක් ඇතුළත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • මියගිය සාමාජිකයාගේ උරුමකරුවන් සියළුදෙනාම “එල්”අයදුම්පත්‍රය බැගින් ඉදිරිපත් කළ යුතුය.
  • සම්පූර්ණ කරන ලද අදාල අයදුම්පත්‍ර, මරණ සහතිකය, සාමාජිකයාගේ සහ උරුමකරුවන්ගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපත්, උරුමකරුවන්ගේ බැංකු ගිණුමෙහි පිටපත් සහ අවස්ථාව අනුව ඉල්ලුම්කරනු ලබන වෙනත් ලියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කම්කරු කොමසාරිස්

එල් අංශය

011-2368912

011-2368908

011-2368908

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 06 වෙනි අඟහරුවාදා, 06:55