මුල් පිටුව අපගේ සේවාවන්
ස්ථිර පදිංචියට විදේශගත වීම මත සේවක අර්ථසාධක අරමුදලින් ප්‍රතිලාභ ගෙවීම

සුදුසුකම්

ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටකට සංක්‍රමණය වන අයදුම්කරුට ස්ථිර වීසා තිබිය යුතුයි.

සැලකිය යුතුය :- ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විට සේවයෙන් ඉවත් වී තිබීම අනිවාර්ය වේ.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති කවුන්ටරයෙන් හෝ සියලු දිස්ත්‍රික් කම්කරු කාර්යාල හා උප කම්කරු කාර්යාල මඟින් ලබා ගත හැක.

එමෙන්ම මෙතැනින් මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සම්පූර්ණ කරන ලද  අයදුම්පත සාමාජිකයා නාරාහේන්පිට ප්‍රධාන කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත සාමාජිකයාම පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සියලු ලේඛණ සම්පූර්ණ කර ඇත්නම් සති 03ක් ඇතුළත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • අවසන් සේවායෝජක විසින් සහතික කරන ලද අයදුම්පත, සාමාජික අංක වලට අදාල B කාඩ්පත්, ජාතික හැඳුනුම්පත සහ සේවා යෝජක විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතෙහි පිටපතක්, බැංකුගිණුමේ පිටපතක් සහ;
  • ස්ථිර පදිංචිය සනාථ කරන වලංගු වීසා බලපත්‍රය හා වලංගු ගමන් බලපත්‍රය
  • විදේශ රටක ස්ථිර පදිංචිය සදහා පුරවැසිභාවය ලබා ඇති සාමාජිකයින්ගේ ප්‍රතිලාභ අයදුම් පත්‍රය වෙනත් අයකු භාර දෙන අවස්ථාවේ ස්ථිර වීසා බලපත්‍ර‍යේ සහ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් එම රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් සහතික කර තිබිය යුතු අතර  (බලය පැවරීමේ ලිපිය හෝ සාමාජිකයාගේ ඉල්ලීම් ලිපියේ හා ප්‍රතිලාභ අයදුම්පත්‍රයේ ‘K’ ) අත්සන සහ ඇගිලි සලකුණු අදාළ තානාපති කාර්යාලයෙන් සහතික කර තිබීය යුතුය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

සේ.අ.අ. ගෙවීම් අංශය

011-2369214

011-2368904

011-2368911

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ලියවිලි වල යම් අඩුපාඩුවක් වේ නම් අයදුම්පත භාර දෙනු ලබන කම්කරු කාර්යාලයේ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් හෝ සහකාර කම්කරු කොමසාරිස් හමුවී අදාල ගැටලු සාකච්ඡා කළ හැක.

ඉල්ලූම්පත් ආකෘතිය

මෙතැනින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

 

අවසන් යාවත්කාලීන කිරීම 2022 අගෝස්තු 26 වෙනි සිකුරාදා, 08:26