කම්කරු දෙපාර්තමේන්තුව

සංක්‍රමණික ඉන්දියානු වතු කම්කරුවන් සඳහා සුභසාධනය සැපයීමේ අරමුණ ඇතිව 1923 අංක 01 දරන ඉන්දියානු ආගමනික කම්කරු ආඥා පනත යටතේ කම්කරු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදී.

 

දේශීය ශ්‍රම බලකායේ වැදගත්කම ක්‍රම ක්‍රමයෙන් අවබෝධ වීමත් සමඟම ශ්‍රම බලකායේ ආරක්ෂාව හා සුභසාධනයට අදාළ කටයුතු කම්කරු පාලකවරයෙකු වෙත පවරන ලදී. පසුව කම්කරු පාලක යන තනතුර කම්කරු කොමාසරිස් ලෙස වෙනස් කරන ලද අතර 1994 කම්කරු කොමසාරිස් ජනරාල් තනතුර පුළුල් බලතල සහිත නිර්මාණය කරන ලදී.

ශ්‍රම බලකායේ සුභසාධනය සහ ආරක්ෂාව සඳහා පසුගිය වසර 87ක කාලසීමාව තුළ මූලික නීති 50 ක් පමණ සම්මත කිරීමට ව්‍යවස්ථාදායකය පියවර ගෙන ඇත. කම්කරු දෙපාර්තමේන්තුවේ මූලික කාර්යය වන්නේ මෙම නිති ක්‍රියාත්මක කරවීමයි. මෙම කාර්යය සඳහා, දෙපාර්තමේන්තුව ප්‍රධාන අංශ 13 ක් යටතේ ක්‍රියාත්මක වන අතර, එයට අමතරව කලාප කම්කරු කාර්යාල 11ක්, දිස්ත්‍රික් කම්කරු කාර්යාල 39 ක්, උප-කම්කරු කාර්යාල 17 ක් සහ දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂණ ඉංජිනේරු කාර්යාල 10 ක් ක්‍රියාත්මක වේ.
 

අවසන් යාවත්කාලීන කිරීම 2020 නොවැම්බර් 10 වෙනි අඟහරුවාදා, 04:36