මුල් පිටුව අංශ සේවක අර්ථසාධක අරමුදල් අංශය

සේවක අර්ථසාධක අරමුදල් අංශය

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ශ්‍රමිකයන්හට යහපත් ආර්ථික තත්ත්වයක් සහිත විශ්‍රාම දිවියක් උරුම කරදීමේ මූලික පරමාර්ථය පෙරදැරි කරගෙන 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මගින් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. මෙම අරමුදලෙහි පරිපාලනය කම්කරු කොමසාරිස් ජනරාල්/ කම්කරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර එහි මුදල්වල භාරය මුදල් මණ්ඩලය/ශ්‍රී ලංකා මහබැංකුව විසින් දරණු ලැබේ.

අරමුදලේ පසුගිය වර්ෂ තුළ වාර්ෂික පොළි අනුපාතය 10%කට වඩා ඉහළ අගයක රඳවා ගැනීමට ශ්‍රීලංකා මහ බැංකුව සමත් වී ඇත. එමෙන්ම මෙම පොළිය වැල් පොළිය වශයෙන් අඛණ්ඩව සාමාජිකයාගේ ශේෂයට එකතු වේ. සේවකයාගේ මාසික මුළු ඉපයීම්වලින් අවම වශයෙන් 12%ක් සේවායෝජකයා විසින් ද 8%ක් සේවකයා විසින්ද සේවක අර්ථසාධක අරමුදලට දායක කරන බැවින් සෑම මසකම සේවකයාගේ මුළු ඉපයීම් වලින් 1/5ක් වැනි විශාල අගයක් සාමාජිකයාගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම සඳහා යෙදවේ.

වර්තමානය වන විට සේවක අර්ථසාධක අරමුදල ලංකාවේ පවතින විශාලතම සමාජ ආරක්ෂණ ක්‍රමය බවට පත්ව ඇත. අරමුදල සදහා දායක මුදල් ගෙවනු ලබන සක්‍රීය සේවක සංඛ්‍යාව මිලියන 2කට වැඩිවන අතර අරමුදලේ මුලු වටිනාකම රුපියල් ට්‍රිලියන 2 ක් පමණ වේ.  2017 වර්ෂයේදී සේවක අර්ථසාධක අරමුදල් ලැබිම් රුපියල් බිලියන 133 ක් වන අතර ප්‍රතිලාභ නිකුත් කිරිම සදහා රුපියල් බිලියන 117 ක් වැය වූ බවට ශ්‍රි ලංකා මහ බැංකු දත්ත මගින් පෙන්වා දී ඇත.

අරමුදල් ප්‍රතිලාභ ගෙවිම් කටයුතු මේ වන විට විමධ්‍යගත කිරිම් තුළින් සාමාජිකයන් හට ප්‍රතිලාභ ලබා ගැනිම වඩාත් පහසු කොට ඇති අතර, අරමුදලේ සාමාජිකයන් නැවත ලියාපදිංචි කිරිමේ ක්‍රමවේදය යටතේ ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනිමටත්, ප්‍රතිලාභ ගෙවිමේදී සිදුවිය හැකි අපහසුතාවයන් අවම කිරිමට හැකි වාතාවරණයක් උදාකර ගැනිමටත් කටයුතු කරමින් පවතී.

සේවක අර්ථසාධක අරමුදල් අංශයේ ප්‍රධාන කාර්යයභාරය

·         සිය මානව හා නීතිමය අවශ්‍යතා ඉටු කරමින් සේවකයන් වෙනුවෙන් දායක මුදල් ගෙවීමට සේවායෝජකයන් හට පහසුකම් සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදලෙහි ආයතන ලියාපදිංචිය හා සේවායෝජකයන්ගෙන් සේවක අර්ථසාධක දායක මුදල් අයකර ගැනීම

·         කාර්යක්ෂම හා සඵලදායී කළමනාකරණයක් තුළින් අරමුදලේ සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලබා දීමට සේවක අර්ථසාධක අරමුදලෙහි සේවකයන් ලියාපදිංචිය හා  සාමාජිකයන්හට සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ගෙවීම

ආවරණය වන අණපනත්

1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත

සංශෝධන පනත්

•      1970 අංක 16 දරණ පනත

•      1971 අංක 08 දරණ පනත

•      1971 අංක 24 දරණ පනත

•      1975 අංක 06 දරණ පනත

•      1981 අංක 26 දරණ පනත

•      1985 අංක 01 දරණ පනත

•      1988 අංක 48 දරණ පනත

•      1992 අංක 14 දරණ පනත

•      2012අංක 12දරණ පනත

ඔබ සේවකයකු නම්......

සේවක අර්ථසාධක අරමුදලට දායක වීමෙන් සෑම මසකම ඔබගේ මුළු ඉපයීම් වලින් 1/5ක් වැනි විශාල අගයක් හා එයට එකතුවන ඉහළ වැල් පොළිය ඔබගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම සඳහා යෙදවේ.

එබැවින් ඔබ,

  • ස්ථිර,ආධුනික,තාවකාලික හෝ අනියම් ලෙස සේවය කළත්
  • කෑලි ගනනට,කොමිස් ක්‍රමයට,කොන්ත්‍රාත් ක්‍රමයට හෝ වැඩ ප්‍රමාණය අනුව ගෙවිම් ලැබුවත්
  • මාසික,අර්ධ මාසික,සතිපතා හෝ දවස් පඩි ලැබුවත්
  • සේ.අ.අ.ප්‍රතිලාභ මුදල් වරක් ලබා ගැනිමෙන් පසු නැවත රැකියා‍වේ යෙදෙන සේවකයෙක් වුවත්
  • මෙරට රැකියාවල නියුක්ත විදේශිකයෙක් වුවත්
  • සේවකයන් 10 කුට වැඩි පුණ්‍යායතන හා සමාජ සේවා කටයුතු සදහා පවත්වාගෙන යනු ලබන ආයතනවල  සේවකයෙක් වුවත්
  • කම්කරු ‍ශ්‍රේණිවල සිට කළමණාකරණ ශ්‍රේණි දක්වා ඕනෑම තරාතිරමක සේවය කළත්

අරමුදලේ සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වන්න. ඒ සඳහා,

  • A,B,H, ආකෘති පුරවා ඔබ සේවය කරන ආයතනය මඟින් සහතික කර ළඟම පිහිටි කම්කරු කාර්යාලයට භාර දෙන්න. මෙය සේවයට බැඳී දෙසතියක් තුළ සිදු කළ යුතුයි.
  • එම ලියාපදිංචි ආකෘති පත්‍ර ඔබ සේවයට බැඳී දෙසතියක් තුළ සේව්‍යා කම්කරු දෙපාර්තමේන්තුවට භාර දී තිබේද, කම්කරු දෙපාර්තමේන්තුව එය ලියාපදිංචි කර තිබේද යන්න සොයා බලන්න.
  • ඔබගේ සේව්‍යා ඔබගේ දායක මුදල් නිසි කලට ශ්‍රී ලංකා මහ බැංකුවට යවන්නේද යන්න පිළිබඳ සැළකිළිමත් වන්න. එය ඔබගේ සේවක අයිතිවාසිකමකි.
  • සේවා ස්ථානයෙන් ඉවත් වන විට Bපත්‍රය ලබා ගෙන එය සුරැකිව තබා ගන්න. ප්‍රතිලාභ ලබා ගැනීමේදී එය ඔබට පහසුවක් වනු ඇත.
  • ඔබ ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විටත් ABH පත්‍රය ලියාපදිංචි වී නොමැති නම් ආයතනය මඟින් ලබාගත් සේවා සහතිකය හෝ සම්පූර්ණ කරන ලද ABH පත්‍රය ආයතනය අයත් වන දිස්ත්‍රික් කම්කරු කාර්යාලය මඟින් RNහි තොරතුරු ඇතුළත් කළ බවට සටහනක් සහිතව ගෙවීම් අංශය වෙත යොමු කළ හැක.
  • ඔබ ප්‍රතිලාභ ලබා ගන්නා අවස්ථාව වන විටත් ABH පත්‍රය ලියාපදිංචි වී නොමැති, ආයතනය අක්‍රිය අවස්ථාවේදී ප්‍රධාන ලේඛන වලට අමතරව හානි පූර්ණ ලිපිය, ආයතනයේ සේවය කළ බව සනාථ කිරීමට කුමන හො සාක්ෂියක් (පත්විමේ ලිපිය, සේවා සහතික, වැටුප් පත්‍රිකා ආදිය ..... ) සහිතව ගෙවීම් අංශය වෙත ඉදිරිපත් කරන්න.
  • ඔබේ අරමුදලෙහි ශේෂයට සිදු කර ඇති නම් කිරීම් අවලංගු කිරීමට හා නැවත නම් කිරීමක් සිදු කිරීමට පිළිවෙළින් I, J ආකෘති පුරවා සේව්‍යා ලවා සහතික කර ළඟම පිහිටි කම්කරු කාර්යාලයට භාර දීමට ඔබට හැකියාව ඇත.
  • ඔබ සේවා ස්ථානය හැර යන්නේ නම් ඒ බව සේවය අවසන්ව දෙසතියක් තුළ Eආකෘතිය සම්පූර්ණ කර ළඟම පිහිටි කම්කරු කාර්යාලයට දන්වන්න.
  • ඔබගේ පෞද්ගලික ගිණුම් එකතු කිරීමට අවශ්‍ය නම් Gආකෘතිය පුරවා ළඟම පිහිටි කම්කරු කාර්යාලයවෙත ඉදිරිපත් කරන්න.
  • ඔබ වසර 10කට වැඩි කාලයක් අරමුදලට දායක වී තිබේ නම්, ඔබගේ සේ.අ.අ. ශේෂය රුපියල් 300,000/-ට වැඩි නම් ඔබ දැනට අරමුදලට දායක මුදල් ගෙවන සේවා නියුක්තිකයෙක් නම්, ඔබට නිවාස හෝ වෛද්‍ය හේතූන් සඳහා ඔබගේ අරමුදල් ශේෂයෙන් 30% විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබා ගත හැකි වේ. මෙම ප්‍රතිලාභය දෙවන වර ලබා ගත හැකි වන්නේ ප්‍රථම වර ලබා ගෙන වසර 10ක් ඉක්මගිය පසුය.
  • සේවක අර්ථසාධක අරමුදල් ඇපයට තබා නිවාස ණයක් පහත බැංකුවලින් ලබා ගැනීමට ඔබට හැකියාව ඇත. ඒ සඳහා ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
  • රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
  • නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව
  • ලංකා බැංකුව
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව
  • මහජන බැංකුව
  • ඔබගේ සේ.අ.අ. ගිණුමේ ශේෂය මර්‍ගගතක්‍රමයට ලබා ගැනීමට නම් Registration Form (New) පුරවා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරන්න.
  • මීට අමතරව ඔබගේ ශේෂය රටපුරා දිස්ත්‍රික් කම්කරු කාර්යාලවල ව්‍යාප්ත කර ඇති KIOSKSයන්ත්‍ර ඔස්සේද දැන ගැනීමට හැකිවේ.
  • ඒ සඳහා හා ඔබගේ ප්‍රතිලාභ මුදල් කාර්යක්ෂමව ලබා ගැනීමටත් වැරදි ගෙවීම් අවම කිරීමටත්  ඔබගේ ඇඟිළි සළකුණු ලබා දී ජාතික හැඳුනුම්පත් අංකය යටතේ අරමුදලේ නැවත ලියාපදිංචි වන්න.
  • ඔබට පහත හේතූන් යටතේ Kආකෘතිපත්‍රය සම්පූර්ණ කර අරමුදලේ පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියි.
  • කාන්තාවක් නම් වයස අවුරුදු 50 / පිරිමියෙකු නම් වයස අවුරුදු 55 සම්පූර්ණ වී සේවයෙන් ඉවත් වී සිටී නම්
  • කාන්තාවක් නම් විවාහ වීමට ප්‍රථම මාස 3ක් තුළ හෝ විවාහ වී අවුරුදු 5ක් තුළ සේවයෙන් ඉවත් වූයේ නම්
  • ඔබ සදහටම සම්පූර්ණයෙන් ම වැඩ කිරීමට නොහැකි රෝගී තත්ත්වයකට පත්වූයේ නම් M ආකෘතිය රජයේ වෛද්‍ය නිලධාරියකු ලවා සහතික කර
  • ස්ථිර පදිංචිය සදහා විදේශගත වන්නේ නම්
  • රජයේ, පළාත් රාජ්‍ය සේවයෙහි හා පළාත් පාලන ආයතනවල විශ්‍රාම වැටුප් සහිත තනතුරකට පත් වූයේ නම්
  • ඔබ සේවය කළ ව්‍යාපාර ආයතනය,රාජ්‍ය සංස්ථාවක්/අධිකාරියක්/මණ්ඩලයක් බවට හෝ රාජ්‍ය සංස්ථාව/අධිකාරිය/මණ්ඩලය ව්‍යාපාර ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ දී හෝ,රාජ්‍ය සංස්ථාව/අධිකාරිය/මණ්ඩලය වසා දැමීමේ දී හෝ අතිරික්ත සේවකයන් ඉවත් කරන්නේ නම්
  • සාමාජිකයාමිය ගියහොත් ඔහුගේ උරුමකරුවන් වෙත L ආකෘතිය සම්පූර්ණ කරප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේ.
  • රුපියල් 10,000/-ට අඩු නොගෙවු ශේෂයන් නැවත ලබා ගැනීමට නම්, ඔබගේ බැංකු තොරතුරු නෙවෙනස් නම් මහබැංකුව ඔස්සේ part payment ආකෘතිය සම්පූර්ණ කර එය ලබා ගත හැකිවේ.

ඔබ සේවායෝජකයෙක් නම්......

ඔබගේ සේවකයාගේ අනාගතය සුරක්ෂිත කරන යුක්තිගරුක සේවායෝජකයකු වන්න. ඒ සඳහා,

  • ඔබ යටතේ එක් සේවකයෙකු හෝ සේවයට බැඳුනු වහාම සේ.අ.අ. ගෙවීමට D ආකෘතිය සම්පූර්ණ කරලියාපදිංචි වන්න
  • ඔබේ සේවකයන්ගේ දායක මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත බැර කිරීම C ආකෘති භාවිතා කර අදාළ මාසයට පසු මාසයේ 3මසක් වැඩකරන දිනයට හෝ එදිනට පෙර සිදු කරන්න.
  • දායක මුදල් බැර කිරීම නියමිත දිනට සිදු කිරීමඅතපසු වූයේ නම් පහත පරිදි අධිභාර මුදල් ගෙවීමට ඔබට සිදුවේ.
  • ප්‍රමාදය දින 10ක් දක්වා නම් දායක මුදලින් 5%ක අධිභාරයක්
  • ප්‍රමාදය දින 10ක සිට මාසයක් දක්වා නම් දායක මුදලින් 15% ක අධිභාරයක්
  • ප්‍රමාදය මාසයක සිට මාස 3ක් දක්වා නම් දායක මුදලින් 20%ක අධිභාරයක්
  • ප්‍රමාදය මාස 3ක සිට මාස 6ක් දක්වා නම් දායක මුදලින් 30%ක අධිභාරයක්
  • ප්‍රමාදය මාස 6ක සිට මාස 12ක් දක්වා නම් දායක මුදලින් 40%ක අධිභාරයක්
  • ප්‍රමාදය මාස 12ට වැඩි නම් දායක මුදලින් 50%ක අධිභාරයක් ද ගෙවිය යුතු වේ.
  • ඔබ ඔබේ සේවකයාට අනුමත අවම දායක මුදල් අනුපාතයට වඩා ඉහළ දායක මුදල් අනුපාතයක් ගෙවීමකැමති නම්Oආකෘතිය පුරවා ළඟම පිහිටි කම්කරු කාර්යාලට භාර දෙන්න.
  • අනුමත අර්ථසාධක අරමුදලකින් හෝ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයකින් සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් මාරු කිරීමට අවශ්‍ය නම් N ආකෘතිය පුරවා ප්‍රධාන කාර්යාලයේ අයකිරීම් අංශයට භාර දෙන්න.
  • ඔබ විසින් දායක මුදල් වැරදීමකින් වැඩිපුර ගෙවා තිබේ නම් එය නැවත ලබා ගැනීමසඳහා - Qආකෘතිය පුරවා ප්‍රධාන කාර්යාලයේ අයකිරීම් අංශයට භාර දෙන්න. (Q ආකෘතිය මගින් සිදු කරනු ලබන ඉල්ලීමක් අදාළ දායක මුදල ගෙවු දින සිට වසරක් ගතවීමට පෙර ඉදිරිපත් කළ යුතුය.)
  • සාමාජිකයකු ඔබ ආයතනයෙන් ඉවත්ව ගොස් තිබේ නම් ඒ බව  Fආකෘතිය සම්පූර්ණ කර ළඟම පිහිටි කම්කරු කාර්යාලයට මසක් තුළ දන්වන්න.
  • විද්‍යුත් ක්‍රමයට දායක මුදල් ගෙවීම ලියාපදිංචි වීම සඳහා e-Media Registration Formආකෘතිය සම්පූර්ණ කර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කරන්න. සේවකයන් 50ට වැඩි සේවා යෝජකයන් විසින් විද්‍යුත් මාධ්‍ය භාවිතයට පෙර දායක මුදල් බැර කිරීම අනිවාර්ය වේ.        

අංශ පිළිබඳ තොරතුරු

1.      සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් අංශය

  • දිවයින පුරා සේ.අ.අ. ප්‍රතිලාභ ගෙවීම අධීක්ෂණය, සේවක අර්ථසාධක අරමුදල් සම්පූර්ණ ප්‍රතිලාභ ඉල්ලීම් කිරීමට අදාල අයදුම්පත් හා ලියවිලි භාරගෙන පරීක්ෂා කර, අදාල ප්‍රතිලාභ සාමාජිකයාට ගෙවිම් කිරීම සදහා ශ්‍රි ලංකා මහබැංකුව වෙත තිරණ ලිපි යැවිම මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය බිම් මහලේ උතුරු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් - 0112369214

සහකාර කම්කරු කොමසාරිස් - 0112368490 | 0112369213 |  0112368904 | 0112369191     

විමසීම් - 0112368911

2.      සේවක අර්ථසාධක අරමුදල් ඒ, බී, එච් හා ණය ආකෘති විකුණුම් කවුළුව

  • සේ.අ.අ. සාමාජික ලියාපදිංචි කිරීමේ ඒ, බී, එච් ආකෘති හා සාමාජික මුදල් ලබා ගැනීමේ (K) ආකෘති පත්‍ර ලබා දීම මෙම මඟින් සිදු කරනු ලබයි.
  • මෙම අංශය බිම් මහලේ සෝපාන පද්ධති ඉදිරිපස පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

විමසීම් - 0112368916

3.      සේවක අර්ථසාධක අරමුදල් 30% විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ගෙවීම් අංශය

  • දිවයින පුරා සේ.අ.අ. 30% විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ගෙවීම අධීක්ෂණය, වසර 10 ක් සේ.අ.අ. දායක මුදල් යොමු කර ඇති, සේ.අ.අ. ගිණුමේ ශේෂය ලක්ෂ 03 කට වැඩි සක්‍රිය සාමාජිකයින්ගේ පූර්ව ප්‍රතිලාභ ඉල්ලීමට අදාල අයදුම්පත් හා ලියවිලි භාරගෙන පරීක්ෂා කර, අදාල ප්‍රතිලාභ සාමාජිකයාට පහත හේතූන් මත ගෙවිම් කිරීම සදහා ශ්‍රි ලංකා මහබැංකුව වෙත තිරණ ලිපි යැවිම මෙම අංශයෙන් සිදු කරනු ලබයි.

1.      නිවාස කාර්යය සඳහා:

1.1.   සාමාජිකයාට අයත් ඉඩමක නිවසක් ඉදිකිරීම.    

1.2.   නිවසක් ඉදිකිරීම සදහා ඉඩමක් මිලදී ගැනීම.    

1.3.   නිවාස දේපළක් මිලදී ගැනීම.  

1.4.   අනුමත බැංකුවකට උකස්කර ඇති නිවාස දේපළක් බේරුම් කිරීම.        

1.5.   අනුමත බැංකුවකින් ලබාගත් නිවාස ණයක ඉතිරි මුදල බේරුම් කිරීම.       

2.      වෛද්‍ය ප්‍රතිකාර සඳහා:

2.1.   බයිපාස් නොවන හෘදය සැත්කම්.

2.2.   බයිපාස් සැත්කම.

2.3.   සැත්කම් ඇතුලුව පිළිකා සඳහා ප්‍රතිකාර.

2.4.   වකුගඩු බද්ධ කිරීම හෝ සැත්කම්.

2.5.   සිසේරියන් සැත්කම.

2.6.   අනතුරක් සිදු වීම හේතුකොට ගෙන දින 14කට නොඅඩු කාලයක් රෝහල් ගතව සිටීම.

  • මෙම අංශය 5 මහලේ උතුරු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධකල හැකි නිලධාරින්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්  - 0112369214

සහකාර කම්කරු කොමසාරිස් - 0112368251

විමසීම් - 0112501249 | 0112368252

  • ප්‍රධාන කාර්යාලයට අමතරව පහත සඳහන් කලාප/ දිස්ත්‍රික් කම්කරු කාර්යාල සඳහා සේවක අර්ථසාධක අරමුදල් 30% විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ගෙවීම් කටයුතු විමධ්‍යගත කර ඇත.

කාර්යාලය

විමසීම්

කුරුණෑගලදිස්ත්‍රික්කම්කරු කාර්යාලය,කුරුණෑගල.

037 - 2 223 590

උතුරු මැද කලාප කම්කරු කාර්යාලය, අනුරාධපුරය.

025 - 2 050 290

සබරගමුව කලාප කම්කරු කාර්යාලය, රත්නපුර.

045 – 2 225 755

දකුණ කලාප කම්කරු කාර්යාලය, ගාල්ල.

091 – 2 232 901

ඌව කලාප කම්කරු කාර්යාලය,බදුල්ල.

055 – 2 224 355

බස්නාහිර කලාප II කම්කරු කාර්යාලය, කලුතර.

034 – 2 224 854

උතුර කලාප කම්කරු කාර්යාලය, යාපනය.

021 – 2 226 333

නැගෙනහිර කලාප කම්කරු කාර්යාලය, ත්‍රිකුණාමලය.

026 – 2 227 395

මධ්‍යම කලාප කම්කරු කාර්යාලය,     මහ නුවර

081 – 2 200 422

බස්නාහිර කලාප III කම්කරු කාර්යාලය, ගම්පහ.

033 – 2 234 252

                                                

4.      සේවක අර්ථසාධක අරමුදල් නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතියට අදාළව විද්‍යුත් ඇිලි සලකුණු ලියාපදිංචි කිරීමේ අංශය

  • සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින් විද්‍යුත් ක්‍රමයට නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතියට අදාළ කටයුතු මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය 5 මහලේ උතුරු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් - 0112368915

විමසීම් - 0112369370 | 0112368913

5.      සේවක අර්ථසාධක අරමුදල් සැපයීම් අංශය

  • සේවක අර්ථසාධක අරමුදල සදහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනිම, ගබඩා කිරීම හා අදාළ අංශ සදහා නිකුත් කිරිම, තොග පවත්වා ගැනීම මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය 6 මහලේ දකුණු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

සහකාර කම්කරු කොමසාරිස් - 0112368912

විමසීම් - 0112368920

6.      සේවක අර්ථසාධක අරමුදල්  ආයතන (සේවා යෝජකයන්) ලියාපදිංචි කිරි‍මේ අංශය

  • දිවයින පුරා සේවක අර්ථසාධක අරමුදල යටතේ ආයතන ලියාපදිංචි කිරීම අධීක්ෂණය හා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ආයතන ලියාපදිංචිය මෙම අංශය සතු ප්‍රධාන කාර්යය වන අතර ලියාපදිංචි කල ආයතන තොරතුරුවල විවිධ සංශෝධනයන් සිදුකිරීම ද මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.
  • මෙම අංශය 8 මහලේ උතුරු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

සහකාර කම්කරු කොමසාරිස් - 0112369190

විමසීම් - 0112369376

7.      සේවක අර්ථසාධක අරමුදල් අයකිරීම් අංශය

  • සේවක අර්ථසාධක අරමුදලේ අය කිරීම් අධීක්ෂණය, නඩු මඟින් අයකරගත් ‍අරමුදල් සාමාජික ගිණුම්වලට ගිණුම්ගත කිරීම අධීක්ෂණ, අරමුදලට වැරදීමෙන් වැඩිපුර ගෙවනු ලබන මුදල් ආපසු ලබා දීම, පුද්ගලික ආරක්ෂක සේවා ආයතන සදහා වාර්ෂික නිෂ්කාශන සහතිකය ලබා ගැනීම සදහා සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් සනාථ කිරීමේ ලිපි නිකුත් කිරීම, සේවක අර්ථසාධක අරමුදල් පනතේ සඳහන් අනුපාතයට වඩා ඉහළ සියයට ගණනකින් දායක මුදල් ගෙවීමට කිරීමට අවශ්‍ය පහසුකම් සැළසීම මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.
  • මෙම අංශය 8 මහලේ උතුරු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් - 0112368062

සහකාර කම්කරු කොමසාරිස් - 0112368918

විමසීම් - 0112369376

8.      සේවක අර්ථසාධක අරමුදලේ පෞද්ගලික අර්ථසාධක අරමුදල් අංශය 

  • අනුමත කරන ලද අර්ථසාධක අරමුදල් හා දායක විශ්‍රාම වැටුප් ක්‍රම අධීක්ෂණය හා එම අරමුදල්/ විශ්‍රාම වැටුප් මුදල්වලින් කිසිවක් සේවක අර්ථසාධක අරමුදලට මාරු කිරීම අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු සිදු කිරීම මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය 8 මහලේ උතුරු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

සහකාර කම්කරු කොමසාරිස් - 0112369190

විමසිම් - 0112369376

9.      සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු තාක්ෂණ අංශය

  • දිවයින පුරා විමධ්‍යගත කර ඇති සේවක අර්ථසාධක අරමුදල් අංශයේ තොරතුරු පද්ධති පවත්වාගෙන යාමේ, එහි ආරක්ෂාව තහවුරු කිරීමේ හා අධීක්ෂණය කිරීමේ කටයුතු මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය 8 මහලේ උතුරු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

සහකාර කම්කරු කොමසාරිස් - 0112368915

විමසිම් - 0112368913

10.  සේවක අර්ථසාධක අරමුදල් මියගිය සාමාජිකයන්ගේ ප්‍රතිලාභ ගෙවීමේ L අංශය

  • දිවයින පුරා සේ.අ.අ. මිය ගිය සාමාජිකයන්ගේ උරුමකරුවන්‍ට ප්‍රතිලාභ ගෙවීම අධීක්ෂණය, මියගිය සාමාජිකයන්ගේ උරුමකරුවන් විසින් සිදු කරන සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ඉල්ලීම් කිරීමට අදාල අයදුම්පත් හා ලියවිලි භාරගෙන පරීක්ෂා කර, අදාල ප්‍රතිලාභ උරුමකරුවන්‍ට ගෙවිම් කිරීම සදහා ශ්‍රි ලංකා මහබැංකුව වෙත තිරණ ලිපි යැවිම මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය 8 මහලේ දකුණු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

සහකාර කම්කරු කොමසාරිස් - 0112368912                                     

විමසීම් - 0112368908

  • ප්‍රධාන කාර්යාලයට අමතරව පහත සඳහන් කලාප කම්කරු කාර්යාල සඳහා සේවක අර්ථසාධක අරමුදල් මියගිය සාමාජිකයන්ගේ ප්‍රතිලාභ ගෙවීම් කටයුතු විමධ්‍යගත කර ඇත.

කාර්යාලය

විමසීම්

වයඔ කලාප කම්කරු කාර්යාලය,කුලියාපිටිය.

037 - 2 281 930

උතුරු මැද කලාප කම්කරු කාර්යාලය, අනුරාධපුරය.

025 - 2 050 290

සබරගමුව කලාප කම්කරු කාර්යාලය, රත්නපුර.

045 – 2 225 755

දකුණ කලාප කම්කරු කාර්යාලය, ගාල්ල.

091 – 2 232 901

ඌව කලාප කම්කරු කාර්යාලය,බදුල්ල.

055 – 2 224 355

බස්නාහිර කලාප II කම්කරු කාර්යාලය, කලුතර.

034 – 2 224 854

උතුර කලාප කම්කරු කාර්යාලය, යාපනය.

021 – 2 226 333

නැගෙනහිර කලාප කම්කරු කාර්යාලය, ත්‍රිකුණාමලය.

026 – 2 227 395

මධ්‍යම කලාප කම්කරු කාර්යාලය,     මහ නුවර

081 – 2 200 422

බස්නාහිර කලාප III කම්කරු කාර්යාලය, ගම්පහ.

033 – 2 234 252

11.  සේවක අර්ථසාධක අරමුදල් නොවිසුනු ප්‍රතිලාභ ගෙවීම් අංශය

  • සේවක අර්ථසාධක අරමුදල් ගැටළු සහගත ගෙවීම් ගොනුවලට අදාළ තීරණ ලිපි ‍යැවීම, සේ.අ.අ. කොටස් ගෙවීම් සම්බන්ධ කටයුතු සිදු කිරීම මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.
  • මෙම අංශය බිම් මහලේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්                   

නියෝජ්‍ය කම්කරු කොමසාරිස් - 0112369214

විමසීම් - 0112368911

12.  සේවක අර්ථසාධක අරමුදල් පාලන අංශය

  • සමාජිකයකු සදහටම සම්පූර්ණයෙන්ම වැඩ කිරීමට නොහැකි තත්ත්වයකට පත්වූ බව තහවුරු කිරීම සඳහා රජයේ වෛද්‍ය  නිලධාරියකු සහතික කරන M ආකෘතිය සත්‍යතාව තහවුරු කිරීමට අදාළ වෛද්‍ය මණ්ඩල වෙත යොමු කිරීම හා වෛද්‍ය මණ්ඩල පැවැත්වීම, ණය ගිණුම් සක්‍රීය කිරීම, දෙවන වර ණය ලබා ගැනීමේ අභියාචනා ශ්‍රී ලංකා මහබැංකුව වෙත යොමු කිරීම, සේ.අ.අ. අංශයේ තැපෑල හා පරිපාලන කටයුතු මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය 8 මහලේ දකුණු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

සහකාර කම්කරු කොමසාරිස් - 0112368909

විමසිම් - 0112368916

13.  සේවක අර්ථසාධක අරමුදල් මධ්‍යම ලිපිගොනු අංශය (සාමාජික තොරතුරු ලියාපදිංචි හා  සංශෝධන අංශය)

  • දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලවලින් ලැබෙන ඒ, බී, එච්, ආකෘති පරීක්ෂා කර සේ.අ.අ. සාමාජික තොරතුරු ලියාපදිංචිය, සංශෝධනය, ප්‍රතිලාභ ගෙවීම් කිරීමේදී ඇඟිලි සටහන් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමහා සාමාජික ලියාපදිංචියට අදාළ තොරතුරු ලබා දීම මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
  • මෙම අංශය 9 මහලේ දකුණු පියසේ පිහිටා ඇත.
  • සම්බන්ධ කළ හැකි නිලධාරින්

සහකාර කම්කරු කොමසාරිස් - 0112369374

විමසිම් - 0112369216

අවසන් යාවත්කාලීන කිරීම 2018 ජූලි 25 වෙනි බදාදා, 04:08