වෙනත් වෙබ් අඩවි
 
කම්කරු දෙපාර්තමේන්තුව


යටතේ විවිධ සේවාවන්හි අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයේ සාමාජික සංබ්‍යාව ක්‍රමයෙන් වැඩිවු අතර, දැනට එම ප්‍රමාණය එක්දහසක (1000) ට වඩා වැඩ:ය. ප්‍රධාන කාර්යාලයෙහි ශාබාවන් දාහත (17) කට අනුයුක්තව කටයුතු කරනු ලබන සේවක මණ්ඩලය හැරුණුවිට කලාපිය දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් කාර්යාල 11 ක්ද, දිස්ත්‍රික් කම්කරු කාර්යාල 34 ක්ද, උප කම්කරු කාර්යාල 23 ක් හා දිස්ත්‍රික් කර්මාන්තශාලා ඉංජිනේරු කාර්යාල 8 ක් වශයෙන්ද ප්‍රාදේශීය මටිටමෙන් කටයුතු කිරීම සඳහා පවත්වාගෙන යනු ලැබෙ.

 

දෙපාර්තමේන්තුව මගින් ප්‍රධාන වශයෙන් ඉටුකරනු ලබන කාර්යයන් පහත දක්වා ඇති පරිදි වේ.

•  කම්කරු අනපනත් ක්‍රියාත්මක කිරීම කාර්මික ආරවුල් විසදීම
•  සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීම
•  වෘත්තීය ස්වස්ථාවය අධ්‍යක්ෂණය කිරීම හා හදිසි කාර්මික අනතුරු වලක්වාලීම
•  සේව්‍ය සේවක සම්බන්ධතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව, සේවා නියුක්තිය විධිමත් කිරීම,
•  කම්කරු කේෂ්ත්‍රය තුල සැලසුම් හා පර්යේෂණ කිරීම හා සේවකයින් දැනුවත් කිරීම
•  රැකියා වෙළඳපොල තොරතුරු සැපයීම
•  කම්කරු කේෂ්ත්‍රයට අදාල සංබ්‍යා ලේබන රැස්කිරීම, සකස්කිරීම හා බෙදාහැරීම
•  වෘත්තීය සමිති ලියාපදිංචි කිරීම
• ශ්‍රි ලංකව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සාමාජික රටක් වශයෙන් වු බැඳම් ඉටුකිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා
   නියුක්ති අමාත්‍යංශය හා එක්ව කටයුතු කිරීම

 ඉහලට  

දැක්
 

තරගකාරී හා විශිෂ්ඨ ශ්‍රම බලකාය රටෙ ප්‍රගතිය කරා මෙහෙයවීම සඳහා සේව්‍ය සේවක දෙපාර්ශවය අතර ආරවුල් අවම කරමීන් ඔවුනොවුන්ගේ සුහදතාවය සහිත පසුබිමක් තුල ආරක්ෂාකාරී හා විනීත සේවාවක් නිර්මාණය කිරීමයි.

 
 ඉහලට  
 
මෙහෙවර
 

වැඩපොල තුල ආචාර ධර්ම පද්ධතීන් හා වඩා යහපත් සේව්‍ය සේවක සුහදතාවයක් තුලින් සේවකයින්ගේ සමාජ ආරක්ෂණය, සාමය හා සහජීවනය පවත්වාගෙන යාමෙ අරමුණින්, වඩා යහපත් හා තුලනාත්මක සමීපතාවයක් ඇති කිරීම මගින් සමස්ත දේශීය ආර්ථික පැවත්ම නඞා සිටුවාම සඳහා ථලදායි ලෙස සහාය වීමයි.

 ඉහලට  
 
පසුබිම
 

කම්කරු දෙපාර්තමේන්තුව ඉන්දියානු ආගාමික කම්කරු දෙපාර්තමේන්තුව යන නමින් මුලින්ම පිහිටවනු ලැබය. 1923 අංක 01 දරණ ඉන්දියානු ආගාමික කම්කරු ආඥා පනත යටතේ පිහිටුවනු ලැබු මෙම දෙපාර්තමේන්තුව මගින් ඉන්දියානු ආගාමික කම්කරුවන්ගේ සුභසාධන කටයුතු ඉටු කරනු ලැබය.

කෙසේවුවද, දේශීය ශ්‍රම බලකාය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමගම, ඉන්දියානු ආගාමික කම්කරුවන් මෙන්ම දේශීය කම්කරුවන්ගේද සුභාසාධනය හා අභිවෘධය නගා සිටුවීම සඳහා අවධානය යොමු කිරීමට පාලකයින්ට සිදුවිය. මෙම තත්වය මත 1931 වර්ෂයේදී කම්කරු දෙපාර්තමේන්තුව වශයෙන් මෙම දෙපාර්තමේන්තුව හදුන්වනු ලැබය. දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ මුල්ම නිලනාමය කම්කරු පාලක නම්විය. කම්කරු පාලක 1944 වර්යේදී කම්කරු කොමසාරිස් වශයෙන්ද පසුව එනම් 2000 වර්ෂයේදී කම්කරු කොමසාරිස් ජනරාල් වශයෙන්ද මෙම නිලනාමය සංශෝධනය කරනු ලැබය.

කම්කරු දෙපාර්තමේන්තුව යනුවෙන් වසර හැත්තෑ පහකට අධක කාලසිමාවක් තුලදී විවිධ හා පුලුල් කේෂ්ත්‍රයන් ගනනාවකට ව්‍යාප්ත වන පරිදි සේවක සුරක්ෂිතාවය හා සුභ සිද්ධය පතා පනවනු ලැබු කම්කරු අනපනත් සංබ්‍යාව හතලිහකට (40) වැඩය.

මෙම අනපනත් ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තු මුලික කාර්යය භාරය වී ඇත. එමෙන්ම, සේවක අධ්‍යාපනය, මානව සම්පත් සංවර්ධනය, මානව සම්පත් සේවා ස්ථාපනය, ශ්‍රම වෙළඳපොල තොරතුරු සැපයිම ආදි වශයෙන් සමාජ ප්‍රගතිය හා ශ්‍රමකයාගේ ගුණාත්මක පැවැත්මට බලපාන කරුණු පිළිබඳව ද දෙපාර්තමේන්තුව වීසින් මැදිහත් වී කටයුතු නරනු ලැබය.

 ඉහලට